නවතම පුවත්

සාපෙළ විභාගය 10 ශ්‍රේණියට

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

සාමාන්‍ය පෙළ විභාගය 10 පංතියේදී පැවැත්වීමේ සැළසුමක් ගැන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කළේය.

අමාත්‍යවරයා අවධාරණයකරනු ලැබුවේ වයස අවුරුදු 17දී දරුවන් උසස් පෙළ විභාගයට ඒ අනුව පෙනී සිටිය හැකි බවය.

වයස අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව ද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද ඔහු පැවසීය.

“අපි යෝජනා කරලා තියෙනවා Pre Primary එක පටන් ගන්න. වයස අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙරපාසල් ගත කරන්නම ඕනේ. කාටහරි එහෙම නොමිලේ යවා ගන්න බැරි නම් අපි හඳුන්වා දෙන ක්‍රමය තුළ අපි ඒ අයට ආසන්නම පාසලක ඕනේ තරම් ඉඩ තියෙනවා. ළමයි 200ට අඩු පාසල් 4,000ක් තියෙනවා. ළමුන් 100ට අඩු පාසල් 2,900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමින් නොමිලේ Pre Primary එක කරන්න අපිට ඉඩදෙන්න පුළුවන්. මේ වනවිට ඒ වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය හදලා ඉවරයි. ඒ අයගේ ඇකඩමික් කවුන්සිල් එකට දාලා අනුමත කරලා ගේනවා. පළාත් මට්ටමට භාරදීලා ඒ හරහා පෙරපාසල් දැනට ඉන්න පාලිකාවන් පුහුණු කරනවා. අලුතින් එන අයව පුහුණු කරනවා. ඒ අයට සහතික පත්‍ර පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා හඳුන්වා දෙනවා. ඒ අයට යම් කාලයක් දෙනවා මේ ටික සම්පූර්ණ කරන්න. ඒක හඳුන්වාදීමත් එක්ක තමා දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ 10ට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4 ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු 15න් සාමාන්‍ය පෙළ ලියනවා. 17 දී උසස් පෙළ ලියනවා. එතකොට වයස්ගත වීම අඩුවෙනවා.” යැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්