නවතම පුවත්

සාම්ප්‍රදායික අධ්‍යනයෙන් ඔබ්බට: කෘෂි පාරිසරික පද්ධති පිළිබඳව , විශ්වවිද්‍යාලයන්හි දැනුම හා ශක්‍යතා වර්ධනය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා නිවර්තන කලාපීය සංවර්ධන ක්‍රියාවලීන්හි විවිධ සමාජ ආර්ථික සහ පාරිසරික සාධක මත පදනම් ව කෘෂි පාරිසරික පද්ධති බලපෑම් සහගත භූමිකාවක් රඟ දක්වනු ලැබේ. නිවර්තන කෘෂිකාර්මික පද්ධතිය සැලසුම්සහගත හා සැලසුම් සහගත නොවන ලෙස ද්වි ආකාර විවිධත්වයකින් සමන්විත වන අතර එමගින්ජීවීන්ගේ පැවැත්මට සැලකිය යුතු බලපෑමක් සිදු කරයි.

නිවර්තන කෘෂි පාරිසරික පද්ධති විවිධ තර්ජනයන්ට ලක් වන අතර, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට මෙලෙස සිදුවන තර්ජන හේතුවෙන් ඉන් ලබන ප්‍රාග්ධනයට සැලකිය යුතු පාඩු සිදුවේ. බත මුල්කරගත් ශ්‍රී ලංකේය කෘෂි පාරිසරික පද්ධතියට විවිධ ස්වභාවික ආපදාවන්ගෙන් වන හානිය ඉතා මහත්ය. ඒ අනුව මෙකී සමාජ, ආර්ථික අභියෝගයන් ආමන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ කෘෂි පරිසර පද්ධතීන් උසස් අධ්‍යාපනය සමඟ සම්බන්ධවීම වැදගත් වේ.

මේ අනුව නිවර්තන කෘෂි පාරිසරික පද්ධතීන්හි ප්‍රත්‍යස්ථිතිය ( ඔරොත්තු දීමේ හැකියාව ) ගොඩනැඟීම (Building Resilience in Tropical Agro-Eco Systems – BRITAE)යන ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණවනුයේ ශ්‍රී ලංකාවේ කෘෂි පරිසර පද්ධතී වල ප්‍රත්‍යස්ථිතිය හෙවත් ඔරොත්තු දීමේ හැකියාව ,වර්ධනයේ දී මුහුණපාන අභියෝගයන්ට පිළිතුරු හා විසඳුම් සෙවීම සඳහා උසස් අධ්‍යාපන ආයතයන්හි පර්යේෂණ සහ නවෝත්පාදන ශක්‍යතාවන් වර්ධනය කිරීම ය.

නිවර්තන කලාපයන්හි කෘෂි පාරිසරික ප්‍රත්‍යස්ථිතිය පිළිබඳ සැලකිය යුතු දැනුම් පරතරයක් පවතින අතර එය විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ නවෝත්පාදන අංශයෙන් පෙන්වනු ලබයි. මෙම ව්‍යාපෘතියට විශ්වවිද්‍යාලය වන රුහුණ විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය යන ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල පහ එකතුව සිදුකරන්නකි.

එසේ ම එක්සත් රාජධානියේ හඩර්ස්ෆීල්ඩ් විශ්වවිද්‍යාලය, සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලය, ටලින් තාක්ෂණික විශ්වවිද්‍යාලය, එස්තෝනියාව, විලිනස් ගෙඩිමිනන්ස් තාක්ෂණික විශ්වවිද්‍යාලය, ලිතුවේනියාව යන විශ්වවිද්‍යාලයන් ද මෙම ව්‍යාපෘතියෙහි සාමාජිකයන් වේ. ඒ අනුව මීට අදාළ ව්‍යාපෘති යෝජනාවලිය එරාස්මුස් ප්ලස් උසස් අධ්‍යාපන – අන්තර් ජාතික ශක්‍යතා ගොඩනැඟීම යන යුරෝපා සංගමයෙහි අධ්‍යාපන, ශ්‍රවණ, දෘශ්‍ය සහ සංස්කෘතික අධ්‍යක්ෂක ආයතනය මඟින් ප්‍රදානය කරන ලද අරමුදලට තේරී පත්වීමට හැකියාව ලබා ඇත. මෙම ව්‍යාපෘතිය 2020 සිට 2023 දක්වා අවුරුදු තුනක කාලයක් ක්‍රියාත්මක වේ.

අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවය සහ ගෝලීය වෙළඳපොළෙහි අවශ්‍යතාවන්ට අදාළ ව ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයන්හි ශක්‍යතාවන් වැඩිදියුණු කිරීමට මෙම ව්‍යාපෘතිය හරහා කෘෂි පාරිසරික පද්ධතින්හි ප්‍රත්‍යස්ථිතිය ගොඩනැඟීම යන මාතෘකාව රැගත් විද්‍යාපති උපාධියකට හවුලේ විෂය නිර්දේශයන් සකසනු ලබයි. මෙමඟින් ආහාර සුරක්ෂිතතාව, කෘෂිපාරිසරික සංචාරක කර්මාන්තය, කෘෂිකාර්මික නීතී සහ ප්‍රතිපත්තීන්, දේශගුණික වෙනස්කම් වැනි මාතෘකාවන් සාකච්ඡා කරනු ලබයි.

මෙම අරමුණු රැගත් මෙරට පිරිනමන එක ම විද්‍යාශූරී උපාධිය මෙය වීම විශේෂත්වයකි. මෙය 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මෙහි පාඨමාලා කාලය වසර දෙකකි. එසේ ම දැනුම බෙදාගැනීම හරහා උතුරු සහ දකුණු ශාස්ත්‍රීය ජාලාවන් ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර සහයෝගීයත්වය ඇති කිරීම ද සිදු වේ. ශ්‍රී ලංකාවෙහි මෙමඟින් ප්‍රතිලාභ ලබන්නවුන් ලෙස ශිෂ්‍යයන්, ශාස්ත්‍රඥයන්, ශාස්ත්‍රීය නොවන අනෙකුත් සේවක මණ්ඩලය, ජාතික සහ කලාපීය නිලධාරීන්, ගොවියන්, රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන් හඳුනාගෙන ඇත.

ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයන් සමඟ යුරෝපා විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපන පුහුණුවන් සම්බන්ධ කරන මෙම ව්‍යාපෘතිය ලාංකික සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ඔබ්බට යන්නකි. මේ අනුව මෙම ව්‍යාපෘතිය කෘෂිපාරිසරික ප්‍රත්‍යස්ථිතිය වර්ධනයට අවශ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රවර්ධනය හරහා ප්‍රතිපත්ති සහ පුහුණුවන් සම්බන්ධව අර්ථාන්විත අවබෝධයක් ලබා ගැනීමට බහුවිෂයික පර්යේෂණ කණ්ඩායම් යොදාවා ගනියි.

තවදුරටත්, මෙම ව්‍යාපෘතිය හරහා නිර්මාණය කරනු ලබන ර්ණසුහුරු කෘෂි පාරිසරික පද්ධති ප්‍රතිස්ථාපනය (Smart Agro-ecosystems Resilience – SAR) යන මධ්‍යස්ථානය ඉගැනුම් ආධාරක මාර්ගගතව ඉගැන්වීම් සිදුකරනු ලබයි. මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලාංකේය ශිෂ්‍යන්ට වීඩියෝ පට අධාරයෙන් ඉගැන්වීම, ” Big data mining” වඩාත් විශ්වාසදායී විභාග පද්ධතියක් සහ අන්තර්ජාල ඉගැනුම් අධාරක ද්‍රව්‍යයන් ලබා දෙයි. මෙම මධ්‍යස්ථානය නිර්මාණයෙහි ප්‍රධාන අරමුණ වනුයේ ි‘*‘‘Massive Open Online Course” (MOOCs) හඳුන්වා දීමට වේදිකාවක් නිර්මාණය කිරීම ය.


එලෙස ම මෙම ව්‍යාපෘතිය හරහා විශ්වවිද්‍යාල පදනම් කරගත් අවකාශයක් නිර්මාණය කිරීම ද සිදු වේ. තව ද නිවර්තන කෘෂි පාරිසරික පද්ධතීන්හි ප්‍රත්‍යස්ථිතිය ගොඩනැංවීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් 2023 වසරේ මාර්තු 15 සහ 16 යන දිනයන්හි ශ්‍රී ලංකාවේ ගෝල්ෆෙස් හෝටලයේ දී පැවැත්වුණි. එහි දී කෘෂි පාරිසරික පද්ධතීන් සම්බන්ධ ව පර්යේෂණ කරන ලද පර්යේෂකයන්ගේ සොයා ගැනීම් ඉදිරිපත් කරන ලදී .

අවසාන වශයෙන්, අනාගත කාලගුණික ආපදාවන්ට සූදානම්වීමට මෙන් ම විවිධ මාතෘකා යටතේ ජාතික සහ ජාත්‍යන්තර සැලසුම් සහ ප්‍රතිපත්තීන් සම්බන්ධ ව දායකත්වය සැපයීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු වේ. එලෙස ම ලොව පුරා දැනුම සහ පර්යේෂණ මත පදනම්ව අධ්‍යනයන් සිදු කරන ජාතික සහ ජාත්‍යන්තර ශිෂයන්, පුහුණුවේදීන්, ප්‍රතිපත්ති නිර්මාපකයන් මෙන් ම ශාස්ත්‍රඥයන්ගේ ශක්‍යතාවන් වර්ධනය මෙම ව්‍යාපෘතිය මඟින් සිදු වේ. ඒ හරහා මෙමඟින් සහභාගීවන්නන්ට ලොව පුරා වෙසෙන පර්යේෂකයින් සහ ශාස්ත්‍රඥයයින් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට මෙන් ම ගෝලීය වශයෙන් රැකියා නියුක්තිය ශක්තිමත් කෙරෙන තාක්ෂණික-ව්‍යවසායක උපාධිධාරීන් ලෙස ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා දිරිමත් කිරීම සිදු වේ.

පහත දිගුවෙන් වැඩි විස්තර ලබාගත හැකි ය.

BRITAE Project – https://www.britae.lk

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්