නවතම පුවත්

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ 80 වැනි ශාඛාව කුරුණෑගලදී විවෘත වේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය 80 වැනි ශාකාව පසුගියදා කුරුණෑගල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. අංක 7්, සවුත් සර්කියුලර් මාවත, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි මෙම නව ශාකාව කුරුණෑගල නගරයේ පිහිටි දෙවන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශාකාව වීම සුවිශේෂ වේ. නව ශාකාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ, අධ්‍යක්ෂ කේ. එම්. කරුණාතුංග, සහකාර සාමාන්‍යාධිකාරි :අලෙවි* ඩිලාන් ගුණරත්න යන මහත්වරු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ රැසක් සහභාගී වූහ.


“ශ්‍රී ලංකාව පුරා සිටින අපගේ පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂමව සහ සමීපව රක්ෂණ සේවා සැපයීමේ අරමුණින් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශාකා දිවයින පුරා ව්‍යාප්ත කිරීම කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. කුරුණෑගල නගරයේ විවෘත කරන ලද මෙම නව ශාකාව හරහා ව්‍යාපාරිකයන්ට සහ සාමාන්‍ය ජනතාවට නව රක්ෂණ සැළසුම් රැසක් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් ලබා ගත හැකියි.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සභාපති ටිෂාන් සුභසිංහ මහතා පැවසීය.
“පාරිභෝගික කේන්ද්‍රීයත්වය කෙරෙහි අවධානය යොමු කරමින් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් අපි සෑම විටම උත්සාහ කරන්නේ අපගේ ගනුදෙනුකරුවන්ට මුල් තැන දීමටයි. මෙම නව ශාකා විවෘත කිරීම අපගේ සේවා තව දුරටත් පුළුල්ව ජනතාව අතරට රැගෙන යාමට හේතු වෙනවා. විශේෂ සේවා ප්‍රමිති අත් විඳීමට අප සමග එක් වෙන ලෙස කුරුණෑගල ජනතාවට මම ආරාධනා කරනවා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ කේ. එම්. කරුණාතුංග මහතා පැවසීය.
“සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉතා කෙටි කාලයකින් රක්ෂණ ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත් වීමට හේතු වූයේ සමාගම හඳුන්වා දුන් නව රක්ෂණ සැළසුම් හා පාරිභෝගිකයන්ට සපයන විශිෂ්ට සේවයයි. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සහකාර සාමාන්‍යාධිකාරි :අලෙවි* ඩිලාන් ගුණරත්න මහතා පැවසීය.
2023 පළමු කාර්තුවේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 53%ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරමින් රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ රක්ෂණ පාරිභෝගිකයන් වෙනුවෙන් දක්වන දායකත්වය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන්ද සම්මානයට පාත්‍ර වී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා