සැටලයිට් රහසක් හෙළිවී අමෙරිකාවත් මැක්ස් යානා අත්හිටුවයි – බෝයිං සමාගම ලොවටම හිස නමයි

Picture of අසංක

අසංක

රටවල් ගණනාවක් බෝයිං 737 මැක්ස් 8 යානා අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසුව අමෙරිකාව ද එම තීරණයට එළඹ තිබේ.

පසුගිය දා සිදුවූ දරුණු ගුවන් අනතුරට පසුව රටවල් ගණනාවක් එම පියවර ගත්තද අමෙරිකාව හා කැනඩාව දිගටම මෙහෙයුම් සිදුකළේය.

එහෙත් අනතුර පිළිබඳ චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණයකින් පසුව අමෙරිකාව වහා මෙම තීරණයට එළඹ තිබේ.

බෝයිං 737 මැක්ස් 8-9 යානා වැඩිම සංඛ්‍යාවක් යොදා මෙහෙයුම් සිදුකරන්නේ අමෙරිකානු ගුවන් සේවයයි.

මේ අනුව බෝයිං සමාගමද මේ පිළිබඳ විමර්ශන අවසන් වනතුරු ලොව පුරා යවන ලද සියලුම මැක්ස් 8 යානා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.