සැප්තැම්බරයේ මුළුමනින්ම රට අරින්න අපේක්ෂාවක්

Picture of අසංක

අසංක

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට අද(14) එක් වෙමින් ඔහු කියාසිටියේ විදේශ රටවල සිට පැමිණෙන කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ටද රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවය.