නවතම පුවත්

සැප්තැම්බරයේ රටම අරියි!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ/ පැතුම් වික්‍රමරත්න

එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමේ හැකියාවක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) සදහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති 99 වැනි ජාත්‍යන්තර සමූපාකාර දින සැමරුම් උත්සවයට සහාගිවෙමින් ව ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

හැකි ඉක්මණින් රට විවෘත නොකළොත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නොමැති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එන්නත් මිලියන 09 ක් මෙම මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයිද එහිදී ජනාධිපතිවරයා සදහන් කළේය.

ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ද මෙහිදී ජනාධිපතිවරයා පැවැසීය.

රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර එන්නත්කරණ වැඩපිළිවෙල තවදුරටත්  වේගවත් කර වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නැයි ජනාධිපතිවරයා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත ඊයේ උපදෙස් ලබාදී ඇත .

එසේම විදේශ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය සඳහා යන මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද කොවිඩ් මර්දන එන්නත වහාම ලබා දෙන ලෙස  ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදෙ ඇත .

කොරෝනා මර්දන එන්නත ලබා නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශ විශ්වවිද්‍යාලවලටද ,සේවක සේවිකාවන් අදාළ රටවලටද බාර නොගන්නා තත්ත්වයක් තිබෙන හෙයින් ඒ තත්වය සලකා ජනාධිපතිවරයා  මෙසේ උපදෙස් ලබා දී ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්