නවතම පුවත්

උපාධි ගන්න ලංකාවට ආ විදෙස්  හිටපු ඇමතිත් ඉන්ටනෙට් එකෙන් විකිණූ දැරිය සොයා ගිහින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* මව ඇතුළු 32නෙකුට ඇපත් නෑ
* වෙබ්කරුවොත් දැලේ – තවත් 3ක් ගැන සොයයි
* අසැබි වෙබ් අඩවි අත්හිටුවන්න- උසාවිය

දම්පත් රණසිංහ/ ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට තුළ පාසල් ආරම්භ වන තුරු හෝ ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (05)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට පවසා තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා බවය.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව මහේස්ත්‍රාත්වරිය පැවසුවේ බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර අවස්ථාවේදී ය.

නඩු විභාගය අතරවාරයේදී මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් පවසා ඇත්තේ ජංගම දුරකථන හෝ පරිගණක ළමුන් අතට පත්වීම වැළැක්විය නොහැකි බවත් දෙමව්පියන් රාජකාරී සඳහා නිවසින් බැහැරව සිටින අවස්ථාවේ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපකරණ පරිහරණය කරන බවත් ය.

මෙවැනි අවස්ථාවක දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා දැන්වීම් පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද වෙබ් අඩවියක හිමිකරුවෙකු හා මූල්‍ය කළමනාකරුවෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මෙහිදී නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. සැකකරුවන්ට එල්ලවී තිබෙන චෝදනාවේ බරපතළ භාවය සහ ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූවොත් මතුවිය හැකි මහජන කැළඹීම සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි. විමර්ශන කටයුතු අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඇය නියෝග කළාය. මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් මෙහිදී පොලීසියට නියෝග කර ඇත.

එම දැරිවිය අන්තර්ජාලයෙන් මිලදීගත් 26 දෙනෙක් සහ ඇයව අලෙවි කිරීමට සම්බන්ධ වූ 06 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. ඒ අය අතර ව්‍යාපාරිකයින්ද සිටිති.

මාලදිවයින් ජාතිකයාට අමතරව ඊයේ දින මෙම දැරිවිය මුදලට අලෙවි කිරීමට දැන්වීම් පලකල තවත් වෙබ් අඩව්යක දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. මෙයට පෙරද වෙබ් අඩවියක දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී . පොලිසිය සදහන් කරන්නේ තවත් වෙබ් අඩවි 03 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවයි.

මේ අතර මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයා එරට හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙක් බව අනාවරණය වී තිබේ.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ තොරතුරු සදහන් කරනු ලැබුවේ අත්අඩංගුවටගත් එම මාලදිවයින් ජාතිකයා එරට මුදල් ඇමතිවරයෙක් බව දැනගන්නේ ඔහුව අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඒ ගැන මාලදිවයිනේ මාධ්‍ය වලින් බවය.

මොහොමඩ් අෂ්මලි නැමැති ඔහු සිය බිරිද සමග 2018 වසරේ සිට මෙරට රැදී සිටින බවද අනාවරණය වී ඇත. එම පුද්ගලයා මෙරට පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධි පාඨමාලාවක් හදාරන බව සදහන් කරමින් ශිෂ්‍ය විසා ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ. මෙම පුද්ගලයාව ලබන 16 වෙනිදා දක්වා අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එදින හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති එම දැරියගේ මව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්