නවතම පුවත්

සැප්තැම්බරයේ රට විවෘත කිරීමේ බලාපොරොත්තුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විශාල වශයෙන් වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තුවන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරසිටී .

එන්නත්කරණය මේ වනවිට ඉතා සාර්ථකව රට තුල ක්‍රියාත්මකව ඇති බැවින් මේ පිළිබඳව සියලු දෙනාටම බලාපොරොත්තුවක් තබා ගත හැකි බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .

මෙරට  සියලුම දිස්ත්‍රික්කවල සෑම පුද්ගලයෙකුටම සැප්තැම්බර් වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී  අවසන්කිරීමට  සැලසුමක් ඇති බවද හමුදාපතිවරයා පැවසීය .

එන්නත්කරණය අක්‍රමවත් ලෙස සිදුවන බවට විවිධ පිරිස් නගන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව හමුදාපතිවරයා පැවසීය .

නිශ්ච්ත සැලැස්මකට අනුව රට තුල කොවිඩ් වසංගතයට එරෙහි එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවද හමුදාපතිවරයා පැවසීය .

මේ වනවිට මෙරටට කොවිඩ් එන්නත් අසූ පන් ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයක් ලැබී ඇති බවත් , එයින් ලක්ෂ පනහකට  ආසන්න  ප්‍රමාණයක් ජනතාවට ලබාදී ඇති බවත් හමුදාපතිවරයා පැවසීය .

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ දාහතක් ලබන 22 වැනිදා මෙරටට ලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මෙරට පනස් හත් ලක්ෂයකට කොරෝනා මර්දන එන්නත මේවනවිට ලබාදී ඇතැයිද මේමාසයේ අවසන්වීමට පෙර බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

මේ වනවිට මෙරටට කොවිඩ් එන්නත් අසූ පන් ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයක් ලැබී ඇති බවත් , එයින් ලක්ෂ පනහකට ආසන්න ප්‍රමාණයක් ජනතාවට ලබාදී ඇති බවත් හමුදාපතිවරයා පැවසීය .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!