නවතම පුවත්

සෑම කොරෝනා මරණයකටම වන්දි ගෙවන්න ඉන්දීය රජය සූදානම්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය හේතුවන් සිදුවන සෑම පුද්ගල මරණයක් සඳහාම වන්දි මුදලක් ලබාදීම සඳහා ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබාදී තිබෙ. ඒ අනුව කොරෝනා මරණයක් වෙනුවෙන් ඉන්දීය රජය මගින් වින්දිතයින් සඳහා ඉන්දීය රුපියල් 50,000 ක මුදලක් වන්දි වශයෙන් ලබාදෙනු ඇත

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අනුව කොරෝනා ආසාදිතව මියයන සිය පවුලේ පුද්ගලයෙකුගේ මරණය වෙනුවෙන් වන්දි ඉල්ලා ඥාතීන් විසින් අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 30 ක් ඇතුළත වන්දි මුදල ලබාදිය යුතු වේ..

ඉන්දියාවේ ආපදා කළමනාකරණ නීතිය යටතේ කොරෝනා මරණ වෙනුවෙන් වන්දි ඉල්ලා නීතීඥයින් පිරිසක් විසින් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ පනත යටතේ කොවිඩ් – 19 ව්‍යසනයක් ලෙස විශේෂයෙන් දක්වා ඇති බැවින් වින්දිතයින්ට වන්දි ගෙවිය යුතු අදාළ පෙත්සමෙන් ඔවුන් පෙන්වා දී ඇත .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්