නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

සිංහරාජයේ අලි දෙදෙනාගේ අලි සංක්‍රමණ භූමිය කපා ජල බෝතල් කර්මාන්ත ශාලාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හඳපාන්ඇල්ල, සිංහරාජ අලි සංක්‍රමණ භූමියේ (අලිමංකඩ) බෝටියතැන්න ප්‍රදේශයේ අක්කර 8ක පමණ ඉඩමක් මේ වන විට අනවසරයෙන් කපා දමා ගිනි තබමින් සිටින බව වාර්තා වනවා.

විශ්‍රාමික කර්නල්වරයෙකු යැයි පෙනී සිටින පුද්ගලයකු විසින් මෙම විනාශය සිදු කරන බවත්, මෙම භූමිය තුල ජලය බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට මේ විනාශය සිදු කරන බවත් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ නැගෙනහිර රක්වාන කඳුවැටිය හා ඒ ආශ්‍රිතව පවතින්නා වූ වනාන්තර පද්ධතිය සූවිශේෂි ජෛව විවිධත්වයකින් යුක්ත එකක් බවද එම නිවේදනයේ දැක්වෙනවා.

එසේම සිංහරාජයේ වෙසෙන අවසාන දැවන්තයන් දෙදෙනා වසරේ වැඩි කාලයක් සක්‍රීය සිටින්නේ එම ප්‍රදේශයේ බවත්, මීට අමතරව මානික්වත්ත, බෝටියතැන්න ප්‍රදේශය ආශ්‍රිත කලාපය සිංහාරජ අලි සංක්‍රමණ කලාපයක් ලෙසට සැලැකෙන බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මේ වන විට ද වටිනා දේශීය ශාක ඇතුළු විශල ශාක ප්‍රමාණයක් මෙහි බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ගලවා දමා ගිනිතබා ඇති බවද, මෙම ගිනි තැබීම නිසාවෙන් මුළු ප්‍රදේශයම අධික දූමාරයකින් වැසී ඇති බවද වාර්තා වනවා.

අදාළ තැනැත්තා මේ ව්‍යාපෘතියට හෝ වන හානිය සම්බන්ධව කිසිඳු අවසරයක් ලබා නොමැති බවත්, ජල පෝෂක ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශය පාංශු සංරක්ෂණ කලාපයක් වන බැවින් බැකෝ යන්ත්‍ර යොදා ස්භාවිකව පවත්නා ගස්, ගල් ගලවා ඉවත් කිරීමට කිසිඳු අවසරයක් ලබාගෙන නොමැති බවත් පැවසෙනවා.

මෙම ප්‍රදේශය සිංහරාජ පරිවාර වනාන්තරයක් වන හඳපාන්ඇල්ලෙන් ආරම්භ වන ඉතා වටිනා දොළ මාර්ගයකට මායිම් වන අතර එම දොළ මාර්ගයේ ජල පෝෂක කලාපයක් ද ඇති බව වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය පැවසුවා.

පතන (මාන) වලින් ගහණ භූමියක් වන මෙය සිංහාරජයේ වෙසෙන දැවන්ත හස්තීන් දෙදෙනා සිංහාරාජයත් දෙල්වල, වලංකන්ද රක්ෂිත දෙසටත්, පන්නිල දෙසටත් සංක්‍රමණය වීමේදි භාවිත කරන ප්‍රධාන අලිමංකඩ වැටී ඇත්තේද මේ ඔස්සේ බව පැවසෙනවා.

මේ පිළිබඳව දැනුවත් කරමින් එම සංවිධානය විසින් පරිසර අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන ගණනාවකකට ලිපි මඟින් දැනුවත් කර තිබෙන අතර වන විනාශය සම්බන්ධයෙන් පරිසර අධිකාරිය දැනුවත් කළ ද ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම ඔවුන් මඟ හරිමින් සිටින බවටද එම සංවිධානය චෝදනා කරනවා.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)