සිංහරාජ කැලෑව මුදුණේ වැව් සාදන බවට පළවන වාර්තා සියල්ල සපූර්නයෙන්ම අසත්‍ය බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දි අද (23) පැවැසීය.
එම කැලෑව මුදුනේ වැව් සැදීමේ කිසිදු සැලැස්මක් නැති බවද මෙහිදී ඒ මහතා පැවසීය
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය
නිල්වලා හා ගිංගගේ ගංවතුර ගැලීම් නිසා විශාල හානියක් සිදුවෙනවා. කළු ගඟේ, ගිංගඟේ හා නිල්වලා ගඟේ වතුර ඊසාන දිගට යෑමේ සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වසර 90ක සිට තියෙනවා. කිසිම ආණ්ඩුවක් මේවා කළේ නැහැ.
ජල පිපාසයෙන් පීඩාවට පත් විශාල ජන කොටසක් ඉන්නවා.ඉතින් ඒ නිසා මේක කවද හරි කෙරෙන්න ඕනෑ. ගිංඟගේ පහළ ජනතාව පදිංචිව සිටින කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හැදීමට සැලසුමක් තිබෙනවා. ඒක සැලැස්මක් විතරයි. අපි ඒ සැලැස්ම යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළා. ඒ කටයුත්තෙන් යම් කිසි හානියක් සිදුවෙනවා ද බලන්න,අධ්‍යයනය කරල තීරණයක් දෙන්න. එහෙම නැති වුණොත් ගංවතුර වැළැක්වීමත් ජල පිපාසාවෙන් සිටින ජනතාවගේ ප්‍රශ්නයටත් විසඳුමක් නැති වෙනවා.