රජයේ මැදිහත්වීම තුළ සිංහරාජ කැළෑ එළිපෙහෙළි කරන බවට පළවන ප්‍රකාශ අසත්‍යයක් බවත් ඒ බව ඕනෑම කෙනෙකු පැමිණ සියැසින් දැකබලා ගන්නා ලෙසත් ඒ පිළිබඳ සොයාබැලීමට ඊයේ එහි ගිය නවක මන්ත්‍රීවරු 11 දෙනාගෙන් යුත් කණ්ඩායම පවසයි.
කටාන ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළු වූ ඔවුන් මේ පිළිබඳ පිළිබඳ සොයා බලා සොයාබලා යළි පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසීය.
විපක්ෂයේ දේශපාලන පටු අරමුණු සඳහා දරුවන් යොදා ගෙන සමාජ ජාල තුල විශාල වශයෙන් බොරුව සමාජගත කරන බවට මෙහිදී මැනවින් පෙනී ගියේ ඇයි එම මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දුන්හ.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රීවරුන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය සොයාබැලීමට ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවය.
“මේක රජයේ මැදිහත්වීම තුළ කැළෑ එළිපෙහෙළි කරනවා කියලා රජය සම්බන්ධ කරන්න යනවා. මෙතන අවුරුදු 20ක් 30ක් පරණ තේ ගස් තියෙන්නේ. ආවොත් බලන්න පුළුවන් මේක කැළයක් ද කියලා. මේ ඉඩමට එහා පැත්තේ තව පෞද්ගලික ඉඩම් තියෙනවා. අලිමංකඩක් කිව්වා. රක්ෂිතයක් එළිකරනවා කිව්වා. සිංහරාජය වනසනවා කිව්වා. ඕන කෙනෙකුට ඇවිත් බලාගන්න පුළුවන් මේක සිංහරාජෙ ද? නැද්ද? කියලා. මේතනට ආවට පස්සේ දැනගන්න පුළුවන්. කිලෝමීටර් 10ක් එහා තමයි සිංහරාජය තියෙන්නේ. හැබැයි කතාව යන්නේ සිංහරාජෙ වන විනාශය කියලා. බොරුව විශාල වශයෙන් මේ වෙලාවේ මාකට් කරනවා.”
සිංහරාජය ගැන කියන කතා බොරු – පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් වක්කුඹුර