නවතම පුවත්

සිගරැට් බොන අයට වේදනාව දැරීමේ හැකියාව අඩු බව හෙළිවෙයි

අසංක

අසංක

දුම්පානයට ඇබ්බැහිවූවන්ගේ ශරීරවල වේදනාව දැරීමේ හැකියාව අවම මට්ටමක පවතින බව බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් විසි සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


දුම් වැටි හේතුවෙන් ශරීර ගත වන දුමෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා පටකවලට හානි සිදුවීම මීට හේතුව වන බවද මෙහිදී අනාවරණය වී ඇත.


දුම් පානය හේතුවෙන් හෝමෝන පද්ධතියට දීර්ඝ කාලීන බලපෑම් එල්ලවන අතර මෙයද දුම්බොන්නන්ට වඩාත් වැඩි වේදනාවක් දැනීමට හේතු විය හැකි බව බ්‍රිතානයේ .යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ විශ්වවිද්‍යාලයේ මෙහෙය වීමෙන් සිදු කල මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත .


මේ සඳහා 220,000 වැඩි පිරිසකගේ දත්ත යොදා ගනිමින් විශේලේෂණයන් සිදු කල බව .යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ හි පර්යේෂිකාවක වන ආචාර්ය ඔල්ගා පර්ස්කි මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.


මීට පෙර සිදු කරන ලද දුම් පානය හා සම්බන්ධ නිදන්ගත වේදනාව සහ කොඳු නාරටියේ වේදනාව පිළිබඳ පර්යේෂණ සහ මෙම නවතම අධ්‍යනය හොඳින් සමපාත වන බවද ඇය මෙහිදී සඳහන් කර ඇත.


“නිරන්තර දුම්පානය අත්හැරියත් එමගින් වේදනාව හා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන බලපෑම් ඇති විය හැකි බවද ඇය මෙහිදී පැහැදිලි කර ඇත.

හැකි ඉක්මනින් දුම් පානයෙන් මිදීමට එය වඩාත් හොද දිරිගැන්වීමක්”බවද ආචාර්ය පර්ස්කි මෙහිදී මාධ්‍ය වෙත අවධාරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්