නවතම පුවත්

සිතාසියත් දැන් ඊමේල් – SMS මගින්

Roshan

Roshan


දම්පත් රණසිංහ

අධිකරණමය කටයුතුවලදී සිතාසි යැවීමට ඊ-මේල් සහ ජංගම දුරකතන කෙඩි පණිවුඩ යොදා ගැනීමට හැකිවන ලෙස නීති සම්පාදනය කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුකර තිබේ.

ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 101 වන අධිකාරිය සංශෝධනය කිරීමට අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ඊයේ හිමිවී ඇත.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

සිතාසි නිකුත් කිරීම සහ භාර දීම පිළිබඳව දැනට පවතින විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධිකරණ ඇමතිවරයා විසින් පත් කරනු ලැබ ඇති සිවිල් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර නඩුවක පාර්ශ්වකරුවන් වෙත සිතාසි යැවීමේදී ඊමේල් සහ ජංගම දුරකථන පණිවුඩ වැනි වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන සන්නිවේදන ක්‍රම යොදා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ අනුව, එකී කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සංශෝධනයන් ඇතුළත් කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) සංශෝධනය කිරීම පිණිස සංශෝධිත පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්