නවතම පුවත්

සියලුම අපනයන කම්හල් යළි අරඹන්න සවියක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මෙරට සියලුම අපනයන කර්මාන්ත , නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට අපනයන සංවර්ධන මණ්ඩලය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යාම සදහා විදේශ විනිමය ඉපැයීම් උත්පාදනය කිරීම රටක් වශයෙන් අත්‍යාවශ්‍ය බවත් එමනිසා සියලුම අපනයනකරුවන් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු මෙහෙයුම් ආරම්භ කිරීම අතිශයින්ම වැදගත් වන බවත් එම මණ්ඩලය අවධාරණය කර සිටී.

අවදානම්  කලාපයෙන් පිටත ක්‍රියාත්මක කර්මාන්තශාලා වෙත ඒ සඳහා අවසර ලැබෙනු ඇති බවත් ඔවුන්ට අවශ්‍ය සියලු සහය ලබාදීමට සූදානම් බවත් එම මණ්ඩලය සඳහන් කර සිටී.

ඒ් අනුව මෙම රටට අවැසි සමයේ ව්‍යාපාර නැවත ආරම්භ කරන සියලුම ශ්‍රී ලංකික අපනයනකරුවන්ගේ සහයෝගයෙන් රටක් ලෙස අපටද මෙම ලෝක අර්බුධය ජයගත හැකිවනු ඇති බවත් අප සැම එකට එක වී ලෝකය ඉදිරියට ගොස් නව වෙළඳපල, නව පාරිභෝගිකයින් සොයාගනිමින් සහ පැවති සම්බන්ධතා නැවත ශක්තිමත් කරගනිමින් ඔවුනට තත්වයෙන් උසස් අපනයනයන් සැපයීමට කාලය පැමිණ ඇති බවත් යෝජනා මණ්ඩලය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

සියලු අපනයන කර්මාන්ත තම නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සේවක සනීපාරක්ෂක රෙගුලාසිවලට අනුකූල වීම අනිවාර්ය වන අතර ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර සියලුම කර්මාන්තශාලා අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කරනු ඇත.

සියලුම අපනයනකරුවන් සඳහා සහය දැක්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානමින් සිටින අතර ඒ සඳහා දුරකථන අංකයක් ක්‍රියාත්මක වන බවද එහි දැක්වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ උපදෙස් ලබාදීම සඳහා පහත නිලධාරීන් සූදානමින් සිටී.

  • එම්.කේ.එස්.කේ. මල්දේනි මහතා / වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් – 077 7601592
  • චිත්‍රංජලී දිසානායක මෙනෙවිය / වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් – 071 8071163
  • මාලනි බද්දේගම මහත්මිය / අධ්‍යක්ෂ – අපනයන කෘෂිකර්ම – 071 9500885
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්