ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තීරණය කර තිබේ.
“මහජන වරමට ගරු කරමින් මම ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙමි. තව ද එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස් වෙමි. මගේ ධුර කාලය තුළ මට සහාය දුන් සෑම කෙනෙකුටම ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි” යැයි හෙතෙම පවසා තිබේ.