නවතම පුවත්

සියලුම ප්‍රවාහන ‌සේවා ඒක තැනකින් ඇරඹෙන ‌මෙරට පළමු බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය අද විවෘත ‌‌වෙයි

අසංක

අසංක

ප්‍රබෝධා ‌හෙට්ටිආරච්චි

සියලු ‌පොදු ප්‍රවාහන ‌සේවාවන් ඒක් ස්ථානයකින් ලබාගත හැකි, මහනගර සංවර්ධන අමාතංශය යටතේ මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් ‌කොට්ටාවේ ඉදිකරන ලද ‌මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද විවෘත ‌කෙරේ.

අද ප.ව 3.30 ‍ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් ‌මෙය ජනතා අයිතියට පත් කෙරේ‍.

මෙය ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදි වූ ප්‍රථම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයයි.

ඒය මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ ‌සූර්යකෝෂ භාවිතයෙනි.

බස්රිය, දුම්රිය ප්‍රවාහන පහසුකම් හා වාහන නැවතීමේ පහසුකම් ආදී අනෙකුත් ප්‍රවාහන සේවා එකම ස්ථානයකින් ලබාගත හැකි ‌මෙහි දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ඇදෙන වාහන මෙම මධ්‍යස්ථානයේ නවතා දුම්රිය හෝ බස්රිය භාවිත කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට හැකිය.

නව දුම්රිය හා බස්රථ පර්යන්ත දෙකකින් හා රථවාහන ගාල් කිරීමේ පහසුකම් ද මෙහි පවතී

විධිමත් නඩත්තු හා කළමනාකරණ ක්‍රමවේදයක් ද මෙහි ස්ථාපිත කර ඇත.

මෙම ගොඩනැගිල්ලේ වහලය මත ස්ථාපිත සූර්ය කෝෂ මගින් කිලෝවොට් 180 ක් විදුලිය උත්පාදනය කිරීමටද නියමිතය.

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ මූල්‍ය දායකත්වය සහ ලංකා රජයේ ආයෝජන යටතේ රුපියල් බිලියන 2000 ක ආයෝජනයකින් මෙය ඉදිවිය.

ඩිජිටල් පුවරු මතින් නිරන්තරයෙන් ප්‍රවාහන සේවා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මගින් මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනීමට, අන්තර්ජාලය මගින් ටිකට්පත් වෙන් කිරීම, දුම්රිය සහ බස්රියට එකම ප්‍රවේශ පතකින් ගමන් කළ හැකිය.

ස්වයං ප්‍රවේශපත්‍ර. ලබාගැනීමේ පහසුව, විධිමත් ලෙස ගමන් මලු ප්‍රවාහනය කිරීමේ පහසුකම්, විවේකාගාර, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම බැංකු පහසුකම්, ආපන ශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන, ආදී පහසුකම් රැසක් ලබා ගත හැක.

අතිශය කාර්ය බහුල ජනතාවට මහ මගට ගතවන කාලය, කලට වෙලාවට තම ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම වැනි අනෙකුත් පහසුකම් නවීන තාක්ෂණය මේ තුළින් සපුරා ගැනීමට හැකිවීම මින් ඉටුවන ‌සෙසු ප්‍රතිලාභයන්ය. ඉදිරියේදී සැහැල්ලු දුම්රිය පද්ධතියක ආරම්භය ද මෙම ස්ථානයෙන් ආරම්භ වීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්