නවතම පුවත්

ලක්ෂ්ම්බර්ග් රාජ්‍යයේ පොදු ප්‍රවාහනය මුළුමනින්ම නොමිලේ

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

‌සියලුම පොදු ප්‍රවාහන සේවාවන් ජනතාවට මුළුමනින්ම නොමිලයේ සපයන ලොව පළමු රට බවට ලක්ෂ්මබර්ග් පත්ව තිබේ.

අභිනවයෙන් යළි තෝරාපත්කර ගැනුණු අගමැති සැවියර් බෙටෙල් සහ ඔහුගේ ඒකාබද්ධ ආණ්ඩුව මේ බව නිවේදනය කර තිබුණි.

ඒ අනුව ලක්ෂ්මබර්ග්හි මීළග ගිම්හාන ඍතුවේ සිට සියලුම බස්, දුම්රිය, ට්‍රෑම් ගාස්තු ඉවත් කෙරේ.

මෙහි මුල් අදියර යටතේ මේ වසරේ මුල සිට අවුරුදු 20ට අඩු සියලු දෙනාටම පොදු ප්‍රවාහන සේවා ගාස්තු ඉවත් කෙරිණි.

පවතින වාහන තදබදය අවම කිරීම, කාබන් විමෝචනය අවම කිරීම ඒරට රජයේ ප්‍රධාන ඉලක්ක වී තිබේ.

බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය හා ලක්ෂ්ම්බර්ග්හි ප්‍රවාහන හුවමාරු ලක්ෂ 4කට වඩා පවතී. ඒ තම රටේ සිට අසල්වාසී රටවලට වුවද ගමන් කළ හැකිපරිදිය.

ලක්ෂ්ම්බර්ග් යනු යුරෝපා සංගමයේ සිටින විශාලතම මෝටර් රථ සංඛ්‍යාවක් ඇති ජනතාවක් සිටින රාජ්‍යයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්