නවතම පුවත්

සියලුම ලන්ච් ෂීට් වර්ග තහනම් කරන්න නියෝගයක්

අසංක

අසංක

මෙරට තුළ සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (21) පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට නියෝග කර තිබේ.

ලන්ච් ෂීට් තහනම් කිරීම සඳහා 2016 දී එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පියවර ගෙන තිබුණ ද එහිදී ඉක්මණින්ම දිරාපත්වන ලන්ච් ෂීට් (Biodegradable lunch sheet) හඳුන්වා දෙන බවට ඇතැම් සමාගම් විසින් කළ ප්‍රකාශ නිසි පරිදි ක්‍රියාත්මකවීමක් සිදු නොවු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ලන්ච් ෂීට් වෙනුවට විකල්ප හඳුන්වා දීම සඳහා පියවර ගන්නැයි අදාල සමාගම්වලට උපදෙස් දී ඇතත් ඔවුන් ඒ සඳහා පියවර ගත්තේ නැත.

එමෙන්ම ඇතැම් සමාගම් විසින් ලන්ච් ෂීට් නිපදවන යන්ත්‍ර ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම නිසා මේ රටේ නිපදවන ලන්ච් ෂීට් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අපහසුතාවක් ද පවතී.

මින් පෙර ලන්ච් ෂීට් තහනම් කිරීම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබු බැවින් නව ගැසට් පත්‍රයක් පළ කිරීමෙන් තොරව නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් ද ඇතැයි කී අමාත්‍යවරයා ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට අදාල පියවර ගන්නැයි අමාත්‍යාංශයේ අදාල අංශවලට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරින්ද සහභාගි වී සිටියේය.

ලෝකයේ කිසිදු රටක මේ වනවිට ලන්ච් ෂීට් භාවිතා කරන්නේ නැති බවත් ලන්ච් ෂීට් භාවිතා කරන එකම රට ශ්‍රී ලංකාව බවත් එහිදී අනාවරණය වී ඇත.

දැනට තිබෙන තොරතුරු අනුව ප්‍රධාන සමාගම් 04ක් විසින් මාසයකට ලන්ච් ෂීට් ටොන් 07-08 දක්වා ප්‍රමාණයක් නිපදවනු ලබන අතර ඒ අනුව වාර්ෂිකව ලන්ච් ෂීට් ටොන් 106ක් පමණ මෙරට තුළ භාවිතා කෙරේ.

ඒ අනුව දිනකට අප රටේ පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවනු ඇතැයි දළ වශයෙන් ගණන් බලා තිබේ.

මෙම ලන්ච් ෂීට් පසෙහි දිරාපත් වි නොපෙනී යාම වසර දෙක තුනකින් සිදු වේ.

එසේ වුවද, ලන්ච් ෂීට් නිසා පසට එකතුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වසර 200කට වැඩි කාලයක් පවතින බව විද්‍යාත්මකව සනාථ වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්