සියලු ආර්ථික මධ්‍යස්ථාන අද හෙට ඇරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (08) සහ හෙට (09) යන දෙදින තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘතව තැබේ.

මෙම විවෘත කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යාංශය පැවැසීය.