නවතම පුවත්

සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ශ්‍රී ලාංකික වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට (23%) දියවැඩියාව ඇති අතර තවත් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුට (31%) අධි රුධිර පීඩනයෙන් පෙලෙන බවට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය ඇතුළුව සරසවි කිහිපයක් සඳහන් කර සිටිනවා.

ඒ, 2019 වර්ෂයේදී සිදුකරන ලද ජාතීක සමික්ෂණයක තොරතුරු පදනම් කරගනිමින්.

දියවැඩියා රෝගීන් හඳුනා ගැනීම සඳහා මුඛ ග්ලූකෝස් පරීක්ෂණ සම්මත ක්‍රමය භාවිතා කරමින් මෙරට දී  සිදුකළ දියවැඩියාව පිළිබඳ පළමු ජාතික සමීක්ෂණය මෙය බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සඳහන් කළේ.

දියවැඩියාවෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු (38%) පමණ හඳුනාගෙන නොමැති බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය විසින් සිදුකල මෙම පර්යේෂණයේ ප්‍රථිපල ලන්ඩනය පදනම් කරගත් වෛද්‍ය සඟරාවක මෙම සතියේදී ප්‍රකාශයට පත් කර ඇත.

මෙම අධ්‍යයනය සඳහා කොළඹ, පේරාදෙණිය, රුහුණු සහ රජරට විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ ආයතනය මගින් කළමනාකරණය කෙරෙන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද දීර්ඝ කාලීන ජාතික අධ්‍යයනයක් වන ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත අධ්‍යයනය (SLHAS) දත්ත රැස් කර ඇත. 

ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත අධ්‍යයනය විසින් 2019 වසර තුළදී ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන් තුන්සියයකින් වැඩිහිටියන් හයදහසකට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මෙම සමීක්ෂණයට ඒක කර ගන්නා ලදී.

අධ්‍යයනයට සහභාගී වූවන් නිරාහාර ග්ලූකෝස් රුධිර සාම්පලයක් ලබා දුන් අතර, බොහෝ දෙනෙක් සීනි පානයක් ගැනීමෙන් පසු දෙවන රුධිර සාම්පලයක් අවශ්‍ය වන මුඛ ග්ලූකෝස් පරීක්ෂණය කිරීමට ද එකඟ වූ බවයි අධ්‍යන වාර්තාව සඳහන් කර සිටියේ.

මෙම රුධිර සාම්පල වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය විසින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී  පිහිටි රසායනාගාරයේදී පරීක්ෂාවට ලක් කරන ලදී. 

පර්යේෂකයන් ශ්‍රී ලාංකිකයින් කොපමණ ප්‍රමාණයක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවාද යන්නත්, මිනිසුන් අතර දියවැඩියාව වෙනස් වන්නේ කෙසේද යන්නත් තක්සේරු කිරීමට ප්‍රතිඵල භාවිත කොට ඇත.

අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ අධික තරබාරු දේහ ලක්ෂණ වලින් යුත් සහ වඩා සංවර්ධිත ප්‍රදේශවල ජීවත් වන ලාංකිකයන් තුළ දියවැඩියාව රෝගය බහුලව දක්නට ලැබෙන බවයි.

විශේෂයෙන් බස්නාහිර පළාත, උතුර සහ නැගෙනහිර පළාත් හි ඇතැම් සමහර ප්‍රදේශවල දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්  ඉහළ මට්ටමක පවති.

පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට (34%) දියවැඩියාව රෝගයෙන් පෙලෙන බවයි.

“මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ දියවැඩියා රෝගීන් බහුල අනුපාතයක් ඇති රට බවයි. එමෙන්ම  දියවැඩියා රෝගීන් බහුල ලෝකයේ ඉහළම රටවලින් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ප්‍රධාන විමර්ශක සහ විධායක අධ්‍යක්ෂ ආචාර්ය රවී රන්නන්-එලිය සඳහන් කරන්නේ.

සාමාන්‍ය ශරීර බරින් යුත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට (21%) දියවැඩියාව ඇති අතර යුරෝපීයයන්ට වඩා ශ්‍රී ලාංකිකයන් තුළ දියවැඩියාව වර්ධනය වන බව අධ්‍යයනයේ සොයාගැනීම් පෙන්වා දී සිටියි.

“මෙය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැවොම දැනුවත් විය යුතු කරුණක්. ධනවත් රටවල මිනිසුන්ට වඩා අපට දියවැඩියාව වැළඳීමේ අවදානම වැඩි බැවින් පුද්ගලයින් බර අඩු කර ගැනීම සහ හැකිතාක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම වඩාත් වැදගත්.” වෛද්‍ය රන්නන්-එළිය වැඩිදුරටත් පවසා සිටියේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්