සිසුන් පිරිසක් මුහුදේ ගසාගෙන ගිහින් – 5ක් බේරෙයි

Picture of අසංක

අසංක

කුරුණෑගල සිට දකුණු පළාතේ විනෝද චාරිකාවක් සඳහා පැමිණි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් උපකාරක පංතියක සිසුන් පිරිසක් තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී සිසුන් 06 දෙනෙක් අද දහවල් මුහුදේ ගසාගෙන ගොස් ඇත.

මෙහිදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම සිසුන්අතරින් පස් දෙනෙකුගේ දිවි බේරාගෙන තිබේ.

මෙහෙදී 16 හැවිරිදි සිසුවෙක් අතුරුදන්ව ඇති අතර එම සිසුවා පොතුහැර පදිංචිකරුවෙකි.

මෙම විනෝද චාරිකාවට සිසුන් 42 දෙනෙක් එක්ව සිට ඇත.

අතුරුදන්වූ සිසුවා සොයා නාවික හමුදාව සහ ජීවිතාරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් දියත්කර තිබේ.