නවතම පුවත්

සිසුන් 50ට අඩු ජාතික පාසලක් – තවත් පාසල් 1480ක් රටපුරා

අසංක

අසංක

ගයාන් කුමාර වීරසිංහ

අපේ රටේ ඇති රජයේ පාසල් ගණන 10175 කි. ඒ අතරින් පාසල් 9822 ක්ම පළාත් පාසල්ය. සෙසු පාසල් 353 ජාතික පාසල්ය. ජාතික පාසල් පරිපාලනය වන්නේ මධ්‍යම ආණ්ඩුවෙනි. රටේ ඉහළම සම්පත්වලින්ප පිරී ඇත්තේද ජාතික පාසල්ය. සුපිරි පාසල් ගොන්නට අයත්වන වැඩිම පාසල් ගණනාවක්ම ඇත්තේද ජාතික පාසල් ගොන්න අතරය.

රටේ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන්නේද මෙම සුපිරි පාසල් වලය. අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව අපේ රටේ සිසුන් 4000 කට අධික සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් ගණන 50 කි. ඒ අතරින් පාසල් 43 ක්ම ජාතක පාසල්ය. 3001 ත් 4000 ත් අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් මෙරට ඇත්තේ 91 කි. ඒ අතරින් 64 ක්ම ජාතික පාසල්ය. ඒ අනුව අපේ රටේ ජාතික පාසල් වලට ඇති තැන ගැන සිතා ගැනීමට පුළුවනි. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී දෙමාපියන් අතර අධි තරගයක් ඇත්තේද ජාතික පාසල් වලට දරුවන් ඇතුලත් කිරීමටය. ඇතැම් දෙමාපියන් සිය දරුවන් ජාතික පාසල් වලට ඇතුලත් කිරීමට වැය කරන්නේ මිලියන ගණනනි.

මෙවැනි තත්වයක් හිමිකරගෙන ඇති ජාතික පාසල් පද්ධතිය තුළ සිසුන් 50 කට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන ජාතික පාසලක් ඇතැයි යමෙක් සදහන් කළ හොත් එය ඔබ විශ්වාස කරන්නේද? නැත. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සම්බන්ධයෙන් ඇති දත්තයන්ට අනුව එවැනි පාසලක් ජාතික පාසල් පද්ධතිය තුළ ඇත්තේ බස්නාහිර පළාත තුළය. එපමණක් නොව, සිසුන් 101 ත් 200 ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබන ජාතික පාසලක්ද ඊට අමතරව තිබේ. එම පාසල පිහිටා ඇත්තේ උතුරු පළාතේය. එමෙන්ම දරුවන් 201 කට වැඩි 500 කට අඩුවෙන් අද්‍යාපනය ලබන ජාතික පාසල් 05 ක්ද ඇත. එම පාසල් වලින් 03 ක්ම පිහිටා ඇත්තේ ඌව පළාතේය. අනෙත් පාසල් දෙක පිහිටා ඇත්තේ නැගෙනහිර සහ වයඹ පළාත්වලය.

මේ ආකාරයට සිසුන් 50 ට අඩුවෙන් අධ්‍යාපනය ලබන පළාත් පාසල් ගණනද සුළුපටු නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව එවැනි පාසල් 1480 ක්ම රටපුරා පිහිටා තිබේ. සමස්ත පළාත් පාසල් සංඛයාවේ ප්‍රතිශතයක් ලෙස එය ගත්කල සදහන් කළ හැකි වන්නේ පළාත් පාසල් වලින් සියයට 15 කම අධ්‍යාපනය ලබන්නේ සිසුන් 50 අඩු පිරිසක් බවකි.

එසේම සිසුන් 51 ත් 100 ත් අතර අධ්‍යාපනය ලබන පළාත් පාසල් ඇත්තේ 1530 කි. 101 ත් 200 ත් අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පළාත් පාසල් 2129 ක්ම ඇත. 201 ත් 500 ත් අතර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පළාත් පාසල් ඇත්තේ 2660 කි. ඒ අනුව බලන කල සිසුන් 500 ට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පළාත් පාසල් පමණක් 7799 ක්ම තිබේ. ප්‍රතිශතයක් ලෙස ගත් කළ සිසුන් 500 ට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පළාත් පාසල් ගණන රටේ සමස්ත පළාත් පාසල් අතරින් සියයට 80 ක පමණ ප්‍රතිශතයකි.

ඒ අනුව පෙනී යන්නේ අපේ රටේ බහුතරයක් සිසුන් අධ්‍යාපනය ලබන්නේ 500 ට අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් පද්ධතිය තුළ බවය.

රටේ සමස්ත රජයේ පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව සැළකෙන්නේ ලක්ෂ 40 ක් ලෙසිණි.ඒ අතරින් තිස් එක් ලක්ෂ හැට හය දහස් තුන්සිය දෙදෙනෙක්ම (3166302) සිංහල සිසුන්ය. දෙමළ සිසුන්ද හය ලක්ෂ දහතුන්දහස් නවසිය දස දෙනෙක් සිටිති. (613910) , එසේම මුස්ලිම් සිසුන්ද හාර ලක්ෂ තිස් හතර දහස් පන්සිය හැට දෙනෙක් (434560) රජයේ පාසල්වල අධ්‍යාපනය ලබති.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව අපේ රටේ සිංහල භාෂාවෙන් පමණක් අද්‍යාපනය ලබාදෙන පාසල් 6370 ක් ද දෙමළ භාෂාවෙන් පමණක් අධයාපනය ලබාදෙන පාසල් 3031 ක්ද සිංහල සහ දෙමළ යන භාෂා ද්විතත්යෙන්ම අධ්‍යාපනය ලබාදෙන පාසල් 35 ක්ද, සිංහල සහ ඉංග්‍රිසි යන භාෂා ද්විත්වයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසල් 531ක්ද සිංහල, දෙමළ , ඉංග්‍රී යන භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලබාදෙන පාසල් 38 ක්ද තිබේ.

මෙම පාසල් පිරිමි පාසල් 151 කින්ද කාන්තා පාසල් 231 කින්ද මිශ්‍ර පාසල් 9785 කින්ද සමන් විතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්