නවතම පුවත්

සුඛෝපභෝගී බවෙනුත් විස්මිත බිල් ගේට්ස්ගේ පරිසර හිතකාමී සුපිරි යාත්‍රාව

අසංක

අසංක

ලෝකයේ දෙවන ධනවත්ම මිනිසා වන බිල් ගේට්ස් අනාගත‍‍‍‍‍‍‍යට සරිලන ආකාරයේ පරිසර හිතකාමී, අතිසුඛෝපභෝගී නාවික යාත්‍රාවක් මිල දී ගෙන තිබේ.

මුළුමනින්ම දියර හයිඩ්‍රජන් මගින් බල ගැන්වෙන මෙම ඇක්වා යාත්‍රාව ක්‍රියාත්මක වන්නේ දියර හයිඩ්‍රජන් ගබඩා කර ඇති -423F ටැංකි දෙකක බලයෙනි. ඉන් අදහස් වන්නේ එමගින් සිදුවන එකම විමෝචනය ජලය බවයි.

අනාගත‍‍‍‍‍‍‍ නාවුක ප්‍රවාහනයේ සංකල්පයක් මත ඉදිකර ඇති මෙම යාත්‍රාව වර්ග අඩි 370ක දිගකින් යුක්තයි.

පසුගිය වසරේ මොනාකෝ යාත්‍රා ප්‍රදර්ශනයේදී හඳුන්වාදුන් මෙම අති සුඛෝපභෝගී යාත්‍රාව මීට පෙර බිල් ගේට්ස් විසින් විනෝදාස්වාදය සඳහා තාවකාලිකව වරින් වර නිවාඩුවක් ගතකිරීමට භාවිත කළත් මෙලෙස අතිසුඛෝපභෝගී නාවික යාත්‍රාවක් ඔහු සතු කර ගත්තේ පළමු වතාවටයි.

මේ සඳහා බිල් ගේට්ස් ට ගේට්ස්ට වැය වී ඇතැයි සැලකෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 645කි.

මෙම සුඛෝපභෝගී යාත්‍රාව තට්ටු 5 කින් සමන්විත වන අතර එහි අමුත්තන් 14 දෙනෙකු අවශ්‍ය සියලු සැප පහසුකම් සැලසීමට මෙන්ම , කාර්ය මණ්ඩල සාමාජිකයින් 31 ක්, ව්‍යායාම ශාලාවක්, යෝගා චිත්‍රාගාරයක්, රූපලාවන්‍යාගාරයක්, සම්බාහන ශාලාවක් සහ පසුපස තට්ටුවේ නැරඹුම් තටාකයකින් ද සමන්විතය.

කෙසේවෙතත් නව නෞකාව 2024 වන තෙක් විවෘත මුහුදට ගෙන යාමට අපේක්ෂා නොකෙරෙන බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්