නවතම පුවත්

සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ ප්‍රවර්ධනයට ඉන්දීය රජයේ සහය ලැබේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සූර්ය බලශක්ති උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමට , රජය ආරම්භ කර ඇති නව වැඩසටහන සඳහා ඉන්දීය රජය, ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මාලාවක් (Line Of Credit) පිරිනැමීමට එකඟතාව පළකර ඇත .

ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මෙම ණය මාලාව ලබාදීමටද ඉන්දීය රජය සැලසුම් කර ඇති අතර ඊට අදාළ ණය සම්මුති ගිවිසුමට අද පෙරවරුවේ අත්සන් තැබිණ

ශ්‍රී  ලංකා රජය සහ ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව අතර අත්සන් තබන ලද ණය මාලා ගිවිසුම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හුවමාරු කරගනු ලැබීය.

මේ අනුව ඉදිරියේදී , ශ්‍රී ලංකා රජයේ මෙම පුනර්ජනනී බලශක්ති නිෂ්පාදන වැඩසටහනේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ඉන්දියාව කටයුතු කරනු ඇත. .

රජයේ ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය , මෙම වැඩසටහනේ   ප්‍රමුඛ සැලසුමකව ඇති .අතර අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟාකර දීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට , බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමටද පියවර ගෙන ඇත.

ඉඩම් හිගය මගහරවා ගනිමින්, ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීමෙන් විදුලි උත්පාදනයද වැඩසටහනට ඇතුළත් වේ. එහි පළමු අදියර, පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට සැලසුම් කර ඇත.

මෙම ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, විදුලිබල අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ඉන්දීය තානාපති කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද  එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්