නවතම පුවත්

සේද මාවතේ මිතුරාගෙන් ලංකාවට පී.සී.ආර්. කට්ටල 30,000 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්වයට ප‍්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කරනු ලැබ තිබෙනවා.

ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවීමටයි චීන රජය පියවර ගෙන ඇත්තේ. මෙම වෛද්‍ය උපකරණ අතරට, කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට භාවිතා කරන පී.සී.ආර්. කට්ටල 30,000 ක් ද අයත්.

ඊට අමතරව මුව ආවරණ සහ අත් ආවරණ ද ඇතුළු තවත් වෛද්‍ය උපකරණ තොගයක් එලෙස ශී‍්‍ර ලංකාවට එවා තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ ග‍්‍රෑම් 4,753 ක්.

මෙම වෛද්‍ය උපකරණ තොගය ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින්, ශ‍්‍රී ලංකා රජය වෙත අද භාර දීමට නියමිතයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්