නවතම පුවත්

සේද මාවතේ මිතුරාගෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 211 අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සේද මාවතේ මිතුරාගෙන් යලිත් ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවට පිරිනැමීම සිදුවිය මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති හු වෙයි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළේය.

මෙම පරිත්‍යාගය අද (27දා) සිදු කළේය. Novel Coronavirus (2019-ncoV)Nucleic Acid Diagnosic Kit (PCR-Fluorescence PProbing) 20016 ක්, Medical Protective Face Mask 10000ක් , Surgical mask 100000 ක්ද, Disposable Coverall 10000 ක්, Medical Goggle 1000 ක්, Single -use Rubber Sugial Gloves 5000 ක් මෙම පරිත්‍යාග අතර වෙයි.

කොරෝනා මර්ධනය සඳහා චීනය ගත් ක්‍රියාමාර්ග ඇතුළත් වාර්ථාවක් ද වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා විසින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ චිනය යනු ලෝකයේ බලවත් රාජ්‍යයක් වන අතර  ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීනව උදව් කරන සාම්ප්‍රදායික මිතුරෙක් බවයි.

ශ්‍රී ලංකාව කරදරයට පත් සෑම අවස්ථාවකදීම චීනය උදව් කළ බවත් දෙවෙනි වරට අද විශාල ලෙස ආධාර ලබා දුන් අතර තව සති දෙකකින් තවත් ආධාර තොගයක් ලබා දීමට චීනය කටයුතු කරන බවත් ඇය පැවැසීය. පරිත්‍යාග වලට චීන රජයට විශේෂ ස්තූතියක් කරන බවත් ඇය පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්