ප්‍රබෝධා හෙට්ටිආරච්චි
වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති නායකයෝ පවසති.
සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ පැවැත් වූ සකච්ඡා අසාර්ථක හෙයින් මෙම තීරණයට එළැඹි බව ඔඑවුහු පෙන්වා දෙති.
පරිපූරක සහ අතුරුවෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය පිළිබඳව එම සේවාවන්ට අයත් වෘත්තීය සමිතිවල නායකයන් හා සෞඛ්‍ය ඇමැතිවරිය අතර සාකච්ඡාවක් ඊයේ (05) පෙරවරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.
එම සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ බව ද පරිපූරක වෛද්‍ය සේවා ඒකබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ඊයේ ආරම්භ විය.