නවතම පුවත්

ආනයනය තවත් සීමා කරන්නේ නෑ – කබ්රාල් සහතික වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ආනයනයන් තවදුරටත් සීමා කිරීමට මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයි මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී

දැනට පවතින තත්වය අනුව එවන් තීරණයක් ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි ද කබ්රාල් මහතා මාධ්‍ය  වෙත සඳහන් කළේය.

මේ වන විටත් භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම සීමා කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ තුළින් රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ද මෙහිදී  පැවසීය

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

භාණ්ඩ ආනයනය කිරීමේදී  ඊ ළඟ අවුරුද්දටම අවශ්‍ය දේවල් දැන්ම  ආනයනය නොකිරීම ආදී සීමා දමාගෙන කටයුතු කිරීම වැදගත් බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම අපනයනකරුවන් ලබාගන්නා මුදල් සීමිත කාලයක් තුළ රුපියල් බවට පරිවර්තනය කළ යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා එවිට රට තුළ ඩොලර් ප්‍රමාණය ඉහළ මට්ටමක පවත්වාගත හැකි බව ද කීවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්