නවතම පුවත්

සෞන්දර්ය සරසවියේ උපකුලපතිගෙන් උසාවියට පෙත්සමක්

අසංක

අසංක

ජේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලමිනි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පසුගිය මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමාව ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් ලිපියක් නිකුත් කර ඇති බව පෙත්සම්කරු කියාසිටියි.

කිසිදු සාධාරණ හේතුවක් හෝ පරීක්ෂණයක් නොමැතිව තමන්ව ධුරයෙන් ඉවත් කිරීම නීති විරෝධී බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පෙන්වා දී තිබේ.

එමෙන්ම මැතිවරණ සමයේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම් සහ මාරු කිරීම් සිදු නොකරන ලෙස දන්වා මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී මේ ආකාරයෙන් සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධී බව ද ඔහු කියාසිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්