නවතම පුවත්

‘අපේ රජයක් තුළ ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම SFට දෙනවා’ – සජිත්

අසංක

අසංක

“ජාතික ආරක්ෂාව කියන මාතෘකාව ගැන මම වැදගත් ප්‍රකාශයක් කරන්නට යනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දියයුත්තේ සෝබනකාරයන්ට නෙවෙයි, රණවිරුවන්‌ගේ කරපිටින් තමන්ට ගෞරවය ලබාගන්න ඇත්තෝ නෙවෙයි, තමන්ගේ ඇස් ඉස් මස් ලේ පරිත්‍යාග කරලා මෙරට 30 වසරක යුද සාපයට රණබිමේ ඉදලා විශිෂ්ට නායකත්වය දුන්නු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම මේ සජිත් ප්‍රේමදාස බාරදෙනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔහු කාඩ්බෝඩ් වීරයෙක් නෙවෙයි. ඔහු තමයි මහපොලොවේ සැබෑ වීරයා. අනාගත අපේ රජයක් තුළ මම වැඩකාරයෝ ටික දාලා මේ රට ගොඩනගනවා. පුද්ගලික දේ වැඩක් නෑ.” යැයි ඒක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

‘මමත් මිනිස්සු මරණයට පත්කරන ඒකට අකමැති මිනිහෙක්. ඒහෙත් මේ රටේ දරුවන් කුඩු ගහන්න පුරුදු කරනවා. දඩුවම් ලැබිලත් ඇතුළට ගිහින් ඔබලා කුඩු ව්‍යාපාරය කරනවා නම් ඔබලාට දෙන්න අපි පසුබට වෙන්නේ නෑ. අපේ බලාපොරොත්තුව මෙතෙක් කල් අපේ රටේ සිදුනොවූ පරිවර්තනයක්, සංවර්ධනයක් කරන්නයි. අපිට අවශ්‍ය අපේ මාතෘභූමිය අභිමානවත් සද්දන්ත දේශයක් කරන්න. අපේ රටට අපේ කම ගමේකම නගරෙකම තියෙනවා. සංස්කෘතින් සභ්‍යත්වයන් තියෙනවා. ඒ සියලු දේ එක්ක අපේකම රකින රටක් බිහිකරනවා. මේ රටේ මෙතෙක් නිර්මාණය වුණු සුපිරිසිදුම ආණ්ඩුව අපි බිහිකරනවා.

අපේ ආණ්ඩුව ගැන අපි කැපකිරීම් කළ යුතුයි. අපි වරප්‍රසාද  ගැන සිතන්නට යන්නේ නෑ. මේ රටේ පවුල් ලක්ෂ 60කට ආසන්න ප්‍රමාණයක් පුරවැසියන්ලක්ෂ 200කට ආසන්න ප්‍රමාණයක් සිටින මේ රටේ ඔබලාගේ ප්‍රශ්න විසදන නායකයා හැටියට ඔබලාගේ කරපිටින් යන නායකයා වෙන්න මම ලෑස්තියි. අපි 24 පැයම පොදුජන සේවයට කැපවෙනවා. අපි අපේ අයිතිකාරයින් නොව තාවකාලික භාරකරුවන් හැටියටයි කටයුතු කරන්නේ.

ගොවි පරපුර වෙනුවෙන් අපි ජනාධිපති කාර්ය සාධක බළකායක් හදලා, හැම ගොවි පවුලකටම හැම සහනයක්ම ලබාදීලා රටේ නෛතික බලය තුළ ස්ථාවර මිලක් ලබාදෙනවා. ධීවර ප්‍රඥප්තියක් නිර්මාණය කරනවා. සැබෑ කම්කරු ප්‍රඥප්තියක් අපි නිර්මාණය කරනවා. දුප්පතුන්ට සමෘද්ධියට අමතරව තවත් සහන පැකේජයක්. දුප්පත්කමින් කාලවකවානුව ඇතිව මිදෙන්න වැඩපිළිවෙළක් යොදනවා. ‘

ගාලුමුවදොරපිටියේ දැන් පැවැත්වෙන ඔහුගේ මංගල රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසීය.

‘ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ සජිත්ගෙන් ගමට ගෙනයනවා’ – රනිල්

‘ආර්. ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමෙන් පසු ගමට ගෙනියනවා. ගාලුමුවදොර පිටිය අගල් 40ක් පළල් කරනවා අපි. බැසිල් රාජපක්ෂ කිව්වා එයාලා ගේන්නේ ටර්මිනේටර් කෙනෙක් කියලා. මං අහන්න කැමතියි ඔබලාගෙන් ඔබට අවශ්‍ය ජන නායකයෙක්ද ටර්මිනේටර් කෙනෙක් ව කියලා’ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගාලුමුවදොර පිටියේ රැළිය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

‘ගෝඨා, තමුසෙට අපි නීතියේ ආධිපත්‍යයට අතතියන්න ‌දෙන්නේ නෑ හලෝ’ – දඹර අමිල හිමි

‘ මතක තියාගන්න ‌ගෝඨා. නීතියේ ආධිපත්‍යයට අත තියන්න තමුසෙට ‌මේ රටේ ජීවත්වෙන තුරු අපි ඉඩතියන්නේ නෑ හලෝ’ පූජ්‍ය දඹල අමිල හිමි පවසයි.

මේ වනවිට පැවැත්වෙන ගාලුමුවදොර පිටියේ රැළියකට සහභාගි ‌වෙමින් ඒ බව පැවැසීය.

‘‌මේඩ් ඉන් ශ්‍රී ලංකා ජනපති ‌කෙනෙක් ඔනෙ නම් හංසයාට ‌දෙන්න’ – අකිල

,පවුල ඔනෙ නම් ‌පොහොට්ටුවට ඡන්දෙ ‌දෙන්න. රට ඔනෙනම් හංසයාට ඡන්දෙ ‌දෙන්න. ‌මේඩ් ඉන් ශ්‍රී ලංකා ජනපති ‌කෙනෙක් ඔනෙනම් හංසයාට ඡන්දෙ ‌දෙන්න. අමෙරිකාවෙන් පිටුවහල් කරපු ‌ජනපති ‌කෙනෙක් ඔනෙනම් ‌ගෝඨාභයට ‌ඡන්දෙ ‌දෙන්න. ‘ යැයි අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

දැන් ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන සජිත් ‌ප්‍රේමදාසගේ ජනපති අපේක්ෂකත්වයේ මංගල රැළිය අමතමින් ‌හෙතෙම ‌මේ බව පැවැසීය.

“එජාපය හැමදාමත් කතුන්ට තැන දුන්නා” – චන්ද්‍රානි

එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදාමත් කාන්තාවන්ට තැන දීපු පක්ෂයක් යැයි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.

මේ වනවිට ගාලුමුවදොර පැවැත්වෙන රැළිය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

“තව දින 38කින් සජිත් ජනපති කරමු” – රවි

” තව දවස් 38යි තියෙන්නේ මේ ජයග්‍රහණයට, අපි අත්වැල් බැඳගෙන සජිත් ප්‍රේමදාසව ජනපති කරමු” යැයි රවී කරුණානායක මහතා පවසයි.

මේ මොහොතේ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් පවත්වන මංගල රැළිය අමතමින් හෙතෙම මේ බව කියාසිටියි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි