පාර්ලිමේන්තුව මැයි 17 වනදා දක්වා කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබේ.
ඒ, සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන්ගේ දැඩි විරෝධය හා ඉල්ලීම් නොතකා හරිමිනි.
රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ පාර්ලිමේන්තුව ලබන සතියේත් කැඳවා විශ්වාසභංග යෝජනාව විවාදයට සහ ඡන්දයට ගැනීමට ඉඩ ලබාදෙන ලෙස සජබ මන්ත්රීවරුන් කථානායකවරයාගේ නිල කාමරයටම ගොස් දීර්ඝ වශයෙන් ඉල්ලා සිටි නමුත් කථානායකවරයා ඊට එකඟ වී නොමැත