නවතම පුවත්

හඬපට සෙල්ලම් දමා අමෙරිකාව උඩුයටිකුරු කළ ‘වෝටර්ගේට් පාවාදීම’

අසංක

අසංක

ඒ 1972 ජුනි 17 වැනි දා උදෑ­සන ය. වෙනදා මෙන්ම හිරුගේ අරු­ණා­ලෝ­කය අමෙ­රි­කාවේ වොෂිං­ටන් ඩීසී හි අහ­සට දෙසට නැගී සිටි අක්කර 10ක් පුරා විසිර තිබූ සුඛෝ­ප­භෝගී ගොඩ­නැ­ගිලි සංකී­ර්ණයේ කවුළු අත­රින් ද වැටී තිබුණි. වෝට­ර්ගේට් ගොඩ­නැ­ගිලි සංකී­ර්ණයේ කාර්යාල ගොඩ­නැ­ගි­ල්ලෙහි 6 වැනි මහලේ පිහිටි තම ප්‍රධාන කාර්යා­ල­යට එදින සුපු­රුදු රාජ­කාරි කට­යුතු සඳහා ආවේ රටේ බහු­තර බලය පතු­රු­වා­ගෙන සිටි ප්‍රජා­තා­න්ත්‍රික ජාතික කමි­ටුවේ (Democratic National Committee (DNC)) සාමා­ජි­කයෝ ය. එකි­නෙ­කාට සුබ දව­සක් පත­මින් ඔවුන් සිය දෛනික රාජ­කාරි ඇර­ඹීය. ගත­වූයේ සුළු වේලා­වකි. ඒ වෙත කඩා වැදුණේ ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් රොත්තකි. විනාඩි කිහි­ප­යක් ගත­වී­මට පෙර එහි සිටි ගෙවල් බිදින සොරුන් කිහිප දෙනකු වහ වහා අත්අ­ඩං­ගු­වට ගත්තේය. ඒ ආර­ම්භ­යක් පම­ණකි. අමෙ­රි­කානු දේශ­පා­ල­නය උඩු යටි­කුරු කළ ‘වෝට­ර්ගේට් පාවා­දීම’ නම්වූ අමෙ­රි­කානු ඉති­හා­ස­යට දැවැන්ත කළු පැල්ල­මක් එක්කල මහා වංචාව හෙළි­වීමේ ඇර­ඹු­මය.

වෝට­ර්ගේට් ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය පිළි­බද නොවූව ද එව­කට දේශ­පා­ලන බල­කො­ටු­වක් වූ ඩීඑන්සී ප්‍රධාන කාර්යා­ලය එහි පැව­තී­මත් පළමු අත්අ­ඩං­ගු­වට ගැනීම් එහි සිට ඇර­ඹී­මත් නිසා මෙම විම­ර්ශන ගොනුව ද නම් කෙරුණේ ‘වෝට­ර්ගේට් පාවා­දීම’ ලෙසයි. අමෙ­රි­කානු ඉති­හා­ස­ය­ටම කළු පැල්ල­මක් එක් කළ එම පාවා­දීම පිළි­බද සියල්ල ඇ‌රඹෙන්නේ ‘රහ­සි­ග­තව පටි­ගත කරන ලද සංවාද හඩ­පට’ විශාල ප්‍රමා­ණ­යක එක­තු­ව­කිනි. ඒ සිය­ල්ලෙහි ප්‍රති­ඵල වූයේ එව­කට අමෙ­රි­කාවේ ඉහ­ළම පුටු­වල තන­තුරු දැරූ නීති­පති, බුද්ධි අංශ ප්‍රධානි ආදි රටේම ආර­ක්ෂාව, නීතිය, දේශ­පා­ල­නය අත­දරා සිටි­ය­වුන්ගේ ඉර­ණම සිර කද­වුරු තුළ ගෙවිය යුතු බවට තීර­ණය වීමය. අව­සාන ප්‍රති­ඵ­ලය ‌වූයේ පළමු වතා­වට ඇමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ ඉල්ලා අස්වීම ඉති­හා­ස­යට එක් කර­මින් 1974 අගෝස්තු 9 වැනිදා රිචඩ් නික්සන් තමන් විසින් පටි­ගත කළ සංවාද දහස් ගණ­නක හඩ­පටි නීතිය හමු­වට දී ජන­පති පුටුව හැර­දමා යාමය.

රහ­සි­ගත සංවාද

එව­කට අමෙ­රි­කාව පාල­නය කළේ 37 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දෙවන වර­ටත් පත්වූ රිප­බ්ලි­කන් පක්ෂ­යෙන් ආ රිචඩ් නික්සන් ය. එකල විය­ට්නාම යුද්ධ­ය­කට මැදි­වීම නිසාත් අම­රි­කාව තිබුණේ බෙදීම්, ආර­වුල් අත­රින් ඉතා බර­ප­තළ අඩි­යක ය. රිප­බ්ලි­කන් අපේ­ක්ෂ­ක­ය­කුව සිටි නික්සන්ගේ මැති­ව­රණ ව්‍යාපා­රය වෙනු­වෙන් වෝට­ර්ගේට්හි පිහිටි ඩීඑන්සී සංවාද සිය­ල්ලෙහි හඩ, ලිය­කි­ය­විලි පිට­පත් නික්සන් වෙත රහ­සි­ග­තව ලැබී තිබූ නිසා නික්සන්ගේ මැති­ව­රණ ජය තහ­වුරු විය. ඒ වෙනු­වෙන් නික්සන් ඉතාම ජුගු­ප්සා­ජ­නක පිය­වර පවා ගෙන තිබූ බවට පසුව හෙළි­විය. නික්සන් එව­කට සිටියේ බල උද්ධා­මයේ උච්ඡ­තම අව­ධි­යේය. ඒ තමාගේ දේශ­පා­ලන ස්ථාව­ර­ත්වය කිසි­සේත් බිදිය නොහැ­කිය යන චේත­නාවේ ය. එහෙත් වෝට­ර්ගේට් මහා පාවා­දීම ආව­ර­ණය කිරීම හේතු­වෙන් නික්සන් වර­ද­ක­රු­වකු විය.

දෙවන වර­ටත් පත්වීම වෙනු­වෙන් නොඉ­ව­සි­ල්ලෙන් සිටි රිචඩ් නික්සන්ගේ මැති­ව­රණ ව්‍යාපාර උප­දේ­ශ­ක­යන් අව­ධා­ර­ණය කර තිබුණේ 1972 ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් වඩාත් බල­පෑ­ම්ස­හ­ගත ව්‍යාපා­ර­යක් අවශ්‍ය බවය. ඒ වෙනු­වෙන් ඔවුන් තෝරා­ගත්තේ නීති­වි­රෝධී, ආක්‍ර­ම­ණ­ශීලී, රහස් ඔත්තු බැලීමේ අය­හ­පත් උප­ක්‍රම කිහි­ප­යකි. ඒ සඳහා වෝට­ර්ගේට් කාර්යාල සංකී­ර්ණයේ පිහිටා තිබූ ප්‍රති­වාදී ඩීඑන්සී කාර්යා­ලය තුළ සිදු­වන සංවාද රහ­සින් අස­න්නට, ඇම­තුම් පටි­ගත කර­න්නට, එහි ලිය­කි­ය­විලි පිට­පත් රහසේ ගෙන්වා­ගැ­නීමේ වැඩ­පි­ළි­වෙ­ළක් නික්සන් ඇතුළු සග­යින් විසින් ක්‍රියා­ත්මක කළේය. ප්‍රති­වා­දීන්ට අප­හාස කිරීම, එම නිල­ධා­රීන්ට හිංසා කිරීම ආදී ඉතා අපි­රි­සිදු උප­ක්‍රම පවා මෙම ව්‍යාපා­රය තුළ සිදු­කි­රී­මට නික්සන් නොපැ­කි­ළව කට­යුතු කර තිබුණි. වෝට­ර්ගේට් ඩීඑන්සී කාර්යා­ලයේ රහ­සි­ග­තව සගවා තිබූ පටි­ගත කිරීමේ යන්ත්‍ර අව­හිර වීම නිසා ජුනි 17 වැනිදා නික්සන්ගේ පාර්ශ්ව­යෙන් ‌ගෙවල් බිදි­න්නන් 5 දෙනෙක් එම කාර්යා­ල­යට යැවීය. සැල­සුම වී තිබුණේ කාර්යා­ලයේ දොර අගුල් කිහි­ප­ය­කට හා ඇතු­ළත ස්ථාන කිහි­ප­යක රහ­සි­ග­තව අලුත් මයි­ක්‍ර­ෆෝන් සවි­කි­රී­ම­ටය.

සුළු සාක්ෂි­යක්

එහෙත් වෝට­ර්ගේට් කාර්යා­ලය ආර­ක්ෂ­කයා එදා උදෑ­ස­නම කාර්යා­ලය තුළ සැරි­ස­ර­මින් සිටි­යදී දොර­වල් කිහි­ප­යක අගු­ලු­වල ටේප් අලවා තිබෙනු දැක තිබුණි. වහා පොලී­සි­යට ඇමතූ ඔහු නිල­ධා­රීන් ගෙන්වා ගත්තේය. පටි­ගත කිරීමේ යන්ත්‍ර සවි­කි­රී­මට ආ නික්සන්ගේ ගෙවල් බිදි­න්නන් අත්අ­ඩං­ගු­වට ගැනුණි.

මෙම ගෙවල් බිදි­න්නන් අත්අ­ඩං­ගු­වට ගැනුණ ද මෙත­රම් වංචා­වක් හෙළි­වී­මට පට­න්ගත්තේ ඉතාම සුළු සාක්ෂි­යක් මතු­වීම නිසයි. ඒ සැක­ක­රු­වන්ට අයත්ව තිබූ භාණ්ඩ කිහි­ප­යක් ආර­ක්ෂක අංශ භාර­යට ගත් අතර ඔවුන් සතුව ධවල මන්දි­රයේ දුර­ක­තන අංක හා මැති­ව­රණ යළි තෝරා­ගැ­නීමේ කමි­ටු­වට අදාළ ලිය­කි­ය­වි­ලි­වල පිට­පත් කිහි­ප­යක් හමු­වී­මෙනි. අගෝ­ස්තු­වේම ජන­තාව අම­ත­මින් ජන­පති නික්සන් කීවේ ඩීඑන්සී කාර්යා­ලය බිදී­මට තම ධවල මන්දිර සේව­ක­යන්ගේ සම්බ­න්ධ­යක් නොමැති බවයි. ඡන්දෙන් යළිත් මහ ඉහ­ළින් ජය­ගත් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කතාව ජන­තාව ද පිළි­ගත්තේ ය. එතැ­නින් නොනැ­වතී එම සැක­ක­රු­වන්ට ඩොලර් දහස් ගණ­නින් ලබාදී ඔවුන් නිහඩ කිරීමේ වැයමේ ද ජන­පති නික්සන් යෙදී සිටියේ සිය­ල්ලන්ට රහ­සේය. නික්සන් අමෙ­රි­කානු මධ්‍යම බුද්ධි ඒජ­න්සිය හෙවත් සී.අයි.ඒ වෙත අණ දුන්නේ එෆ්.බී.අයි විසින් මේ පිළි­බද කරන විම­ර්ශ­න­ව­ලට බාධා කරන ලෙසයි. එය ප්‍රති­වාදී වෝට­ර්ගේට් කාර්යා­ලය බිද­දැ­මී­මට වඩා බර­ප­තළ වංචා­වක් විය. එහිදී වෝට­ර්ගේට් සම්බන්ධ සිද්ධි­යට අදා­ළව කුම­න්ත්‍ර­ණ­ක­රු­වන් හත් දෙනෙ­කුට එරෙ­හිව නඩු පවරා තිබේ. නික්සන්ගේ සහා­ය­ක­යින්ගේ ඉල්ලීම පරිදි, පස්දෙ­නෙක් නඩු විභා­ග­යෙන් වැළකී පෙර­දීම වරද පිළි­ගත්හ. අනෙක් දෙදෙනා 1973 ජන­වාරි මාස­යේදී වර­ද­ක­රු­වන් බවට පත්විය.

වංච­නික ක්‍රියා

නික්සන් වැරදි වසා ගැනී­මට දිගින් දිග­ටම වංච­නික ක්‍රියා­වල නිරත විය. විම­ර්ශන, ජන­තාව, රජය පවා නික්සන්ගේ ගැට­ව­ලට හසු­වෙ­මින් නික්සන් නිවැ­ර­දි­ක­රු­වකු බවට හඹා­ය­මින් සිටින අව­ධි­යක ජන­පති නික්සන් සියල්ල පටි­ගත කොට තම වැරදි වසා ගැනීමේ සැල­සුම සිදු­කළ ආකා­රය අනා­ව­ර­ණය කර­ගැ­නීම උදෙසා මූලික වූයේ මාධ්‍ය­වේ­දීන් දෙදෙ­නෙකි. ඒ වොෂිං­ටන් පෝස්ට්හි බොබ් වූඩ්වර්ඩ් හා කාල් බර්න්ස්ටෙ­යින් ය. ඔවුන්ට නාදු­නන හෙළි­ද­ර­ව්ක­ර­න්නකු විසින් තොර­තුරු ලබා­දෙ­න්නට විය. එම හෙළි­ද­රව් කරන්නා තමා හදුන්වා ගත්තේ “Deep Throat” නමිනි. ඔහු විසින් ලබා­දුන් තොර­තුරු ඔස්සේ ගිය බොබ් සහ කාල් සිය­ල්ලෙහි මූලික රහස් හෙළි­ද­රව් කර­ග­න්නට පටන් ගත්තේ ය.

ධවල මන්දිර උප­දේ­ශක ජෝන් ඩීන් ඇතුළු නික්සන්ගේ සහා­ය­ක­යින් අත­ළො­ස්සක් ජනා­ධි­ප­තිගේ අප­රාධ සම්බන්ධ ජූරි සභා­වක් ඉදි­රියේ සාක්ෂි දුන්හ. ධවල මන්දි­රයේ ඕවල් කාර්යා­ලයේ සිදු වූ සෑම සංවා­ද­යක්ම ජන­පති නික්සන් රහ­සි­ග­තව පටි­ගත කර ඇති බව ඔවුහු සාක්ෂි දුන්හ. නඩු පව­ර­න්නන්ට එම හඩ­පටි ලබා­ගත හැකි නම්, ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වරද පිළි­බඳ සාක්ෂි ඔවුන් සතු වනු ඇති බව ඔවු­න්ගෙන් අනා­ව­ර­ණය විය. ඔවු­න්ගෙන් හෙළිවූ පරිදි නික්සන්ගේ ‘සංවාද පටි­ගත කිරීමේ සිද්ධි මාලාව’ ඇර­ඹෙන්නේ කලක සිටය.

සෝනි ටීසී-800බී යන්ත්‍ර

1969 දී නික්සන් තම කාර්ය මණ්ඩ­ලය ප්‍රධා­නි­යා­ගෙන් දැන­ගත්තේ ධවල මන්දි­රයේ සාකච්ඡා හා දුර­ක­තන සංවාද පටි­ගත කළ ලින්ඩන් ජොන්සන් ගැනය. නික්සන් හොඳින් කල්පනා කර බලා පෙර පැවැති පටි­ගත කිරීමේ යන්ත්‍ර සියල්ල ඉවත් කිරී­මට අණ දුන්නේය. ඒ වෙනු­වට 1971 දී අමෙ­රි­කානු ධවල මන්දි­රයේ අස්සක් මුල්ලක් නෑර සිය­ලුම දුර­ක­තන, ඕවල් කාර්යා­ලයේ, ජන­පති කාර්යාල මේසයේ, කාම­ර­වල පවා රහ­සි­ගත ලෙස මයි­ක්‍ර­ෆෝන් සවි කොට පටි­ගත කිරීමේ සැල­සු­මක් ක්‍රියා­ත්මක කිරී­මට අණ දෙන්නේ ජන­පති රිචඩ් ඩික්සන්ම ය. ඒ අනුව ඔහුගේ දුර­ක­තන සංවාද පම­ණක් නොව, ධවල මන්දි­රය තුළ සිදු­වන සිය­ලුම සාකච්ඡා, සංවාද, පවුලේ සංවාද සියල්ල රහ­සි­ග­තව පටි­ගත කෙරිණි. සෝනි ටීසී-800බී යන්ත්‍ර­ව­ලින් මේවා පටි­ගත කෙරුණි. ඒවා පටි­ගත කිරීම නැව­තෙන්නේ 1973 ජුලි 18 වැනිදා ය. ඒ වෝට­ර්ගේට් සිද්ධිය ප්‍රසිද්ධ වී ඒ සම්බ­න්ධ­යෙන් විභාග කිරී­මට සෙනෙට් කමි­ටු­වක් පත්ක­ළා­යින් පසු­වය. පැය 3500ක් පුරා දිවූ සංවාද ගොන්නක් එහිදී අනා­ව­ර­ණය වූ අතර වෝට­ර්ගේට් සිද්ධි­යට අදා­ළව පැව­තියේ පැය 200ක් පම­ණක් වූ අතර මහ­ජන ප්‍රසි­ද්ධි­යට හා පිට­පත් බවට පත්වූයේ ඉන් 5%ක් පම­ණකි. සෙසු ‌සියලු සංවාද විදේශ ප්‍රති­ප­ත්ති­ව­ලට අදාළ සංවාද බවට හෙළි­විය. ඉහත කමි­ටුව විසින් හඩ­පටි අනා­ව­ර­ණය කර­ගැ­නීම අත­ර­තු­රදී නික්සන්ගේ ලේක­ම්ව­රි­යගේ අත්වැ­ර­දී­ම­කින් හෙළිවූ මකා දමන ලද හඩ­පටි කොටස් සෙවී­මට කමිටු පත්කර තිබුණේ ද ජන­ප­ති­ව­රයා විසිනි. පසුව තහ­වුරු වූයේ ඒවා මකා­දැ­මුයේ ද ජන­ප­ති­ව­රයා විසින්ම බවය.

කළු සෙන­සු­රාදා

නික්සන් විසින් හැම සංවා­ද­යක්ම රහ­සි­ග­තව පටි­ගත කළ හඩ­පටි ගොන්න තව­දු­ර­ටත් පරි­ස්ස­මින් තබා­ගැ­නීමේ අර්බු­ද­ය­කට නික්සන් මුහු­ණ­පෑ­වේය. ඔහුගේ නීති­ඥ­යන් තර්ක කළේ ඒවා හෙළි­නො­කර සිටීමේ නික්සන්ගේ තීර­ණය ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විධා­යක බල­ත­ල­ව­ලට අනු­මත දෙයක් බවයි. නමුත් විනි­සුරු සිරිකා, ආර්කි­බෝල් කොක්ස් සහ සෙනෙට් කමි­ටුව ඒක­ම­තික තීර­ණ­යක් ගත්තේ කෙසේ හෝ හඩ­පට ලබා­ගැ­නී­ම­ටය. ජන­පති නික්සන් විසින් කොක්ස්‌ ­සේ­ව­යෙන් පහ කළේය. ඒ 1973 ඔක්තෝ­බර් 20 වැනි­දාය. නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ ඇතැම් නිල­ධා­රීන් ඉල්ලා අස්විය. එම දිනය හැදි­න්වෙන්නේ ‘කළු සෙන­සු­රාදා සංහා­රය’ ලෙසයි. අව­සා­නයේ ජන­පති හඩ­පටි කිහි­ප­යක් පම­ණක් දීමට කැමති විය. නමුත් පසුව මතුවූ තත්ත්වය සමග ජන­පති නික්සන්ට එරෙහි දෝශා­භි­යෝ­ග­යක් වෙනු­වෙන් පාර්ලි­මේන්තු අධි­ක­රණ කමි­ටුව අත්සන් තැබීය. ඒ ජනා­ධි­ප­ති­ව­රයා විසින් අධි­ක­රණ කට­යු­තු­ව­ලට බාධා කිරීම, බලය අනිසි ලෙස යෙද­වීම හා අප­රාධ වසා ගැනීම ඇතුළු අප­රාධ කිහි­ප­ය­කට චෝදනා කර­මිනි.

අව­සා­නයේ ජන­පති නික්සන් සියලු හඩ­පට 1974 අගෝස්තු 5 වැනිදා අනා­ව­ර­ණය කළේය. එම­ගින් දෝශා­භි­යෝ­ගයේ සියලු චෝදනා සම්මත වීමට තරම් සාක්ෂි තිබුණි. එබැ­වින් 8 වැනිදා ඔහු ඉල්ලා අස්විය. සති 6කට පසුව උප ජනා­ධි­පති ජෙරල්ඩ් ෆෝර්ඩ් ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දිවු­රුම් දුන්නේය. ඔහු විසින් නික්සන් ධුර­කා­ලයේ සිටි­යදී කළ සිය­ලුම වැරදි සඳහා සමාව දී තිබුණි. නමුත් නික්සන්ගේ සහා­ය­ක­යන්ට තත්ත්වය එත­රම් යහ­පත් නොවීය. ඔවුන් බර­ප­තළ අප­රාධ චෝදනා ඇතිව සිර­ගත විණි. නික්සන් පාලන සමයේ අමෙ­රි­කාවේ නීති­ප­ති­ව­රයා වූ ජෝන් මිචෙල් 19 මාස­ය­කට සිර­ගත කෙරිණි. වෝට­ර්ගේට් මහ මොළ­කරු ලෙස සැළ­කෙන නික්සන්ගේ එෆ්බී­අයි නියෝ­ජිත ගෝර්ඩන් ලිඩී වසර 4 හමා­ර­කට සිර­ගත විය. නික්සන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධා­නියා වන එච්ආර් හාඩ්මන් 19 මාස­යක් සිර­ගත කෙරිණි. ජන­පති උප­දේ­ශක ජෝන් ආර්ලි­ක්මන් මාස 18කට සිර­ගත වූයේ වෝට­ර්ගේට් කාර්යා­ලය බිදීමේ සිද්ධිය වසා­දැ­මී­මට උත්සහ කිරී­මට ය. නික්සන් කිසිදු සාප­රාධී වර­දක් කිසි­වි­ටෙ­කත් පිළි­ගත්තේ නැත. තමන් දුර්වල විනි­ශ්චය නිසා වැරදි තීන්දු ගත් බව පම­ණක් පිළි­ගෙන තිබුණි. දිවි නොතකා වෝට­ර්ගේට් පාවා­දීම හෙළි­කළ මාධ්‍ය­වේ­දීන් දෙදෙනා විසින් ලියන ලද, පසු­කා­ලී­නව අලෙවි වාර්තා තැබූ කෘති­යක් වන “All the President’s Men” කෘතිය පුලි­ට්සර් සම්මා­න­යෙන් පිදුම් ලැබීය. මේ සියල්ල මාධ්‍ය­වේ­දීන්ට හෙළි­කළ නාදු­නන හෙළි­ද­රව් කරන්නා වූ “Deep Throat” නමැ­ත්තාගේ සැබෑ අන­න්‍ය­තාව 2005 ව‌සරේ­දීය හෙළි­විය. ඔහු එෆ්බී­අයි රහස් ඔත්තු සේවයේ හිටපු සම-අධ්‍යක්ෂ මාර්ක් ෆෙල්ට් ය.

රිචඩ් නික්සන් සිය ජනා­ධි­පති බලය අයුතු ලෙස පරි­හ­ර­ණය කිරීම නිසා ඇම­රි­කානු දේශ­පා­ලන ජීවි­ත­යට එය දිගු­කා­ලීන බල­පෑ­මක් ඇති කළේය. බොහෝ ඇම­රි­කා­නු­වන් විය­ට්නාම් යුද්ධයේ ප්‍රති­ඵල ගැන දැඩි ලෙස කල­කි­රී­මට පත්ව සිටි අතර රොබට් එෆ්. කෙනඩි, මාටින් ලූතර් කිං සහ අනෙ­කුත් නාය­ක­යින්ගේ ඝාතන ගැන කණ­ගා­ටු­වට පත්ව සිටි­යද, වෝට­ර්ගේට් පාවා­දීම හේතු­වෙන් එරට ජාතික වශ­යෙන් පැවැති අර්බු­ද­කාරී වාතා­ව­ර­ණ­යට අත­ර­තුර ඊට පෙර දශ­කය පිළි­බද බර­ප­තළ කම්ප­න­යක් ඇති කර­න්නක් විය. එප­ම­ණක් නොව, අමෙ­රි­කානු විධා­ය­කය, අධි­ක­ර­ණය, ආර­ක්ෂක අංශ මෙන්ම මුළු­ම­හත් රටේ පරි­පා­ලන පද්ධ­ති­යම දෙද­ර­ව­මින් නරු­ම­වා­දයේ හා අවි­ශ්වා­සයේ වාතා­ව­ර­ණ­යක් නිර්මා­ණය කළේය. එ පම­ණක් නොව ලෝකය හමුවේ අමෙ­රි­කාව කළු පැහැ­යෙන් ඉති­හා­ස­ගත කෙරිණි. වත්මන් ලෝක දේශ­පා­ලන මඩ­ගො­හො­රුව තුළ, ජන­තාව ගිල්වා බල කෑද­ර­කමේ ගිජු ලිහි­ණින් ගොදුරු සොය­මින් අද­ටත් අහසේ පියා­සර කිරී­මට එදා අමෙ­රි­කාවේ සිදුවූ වෝට­ර්ගේට් පාවා­දීම මග කීවේ­දැයි අනි­යත බියක් නූප­දින්නේ

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!