නවතම පුවත්

හම්බන්තොට වරාය ආශ්‍රිව මහා පරිමාණ කර්මාන්තපුරයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය යහපාලන රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් කොළඹ වරාය නගරයෙන් මේ රටට හිමි විය යුතුව තිබූ හෙක්ටයාර 65 කට අධික ඉඩම් ප්‍රමාණයක් අහිමි වූ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරම හන්දියේ පැවති  හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය යහපාලන රජය රටේ වටිනාකම වැඩි කිරීම සඳහා සම්පත් බිහි කිරීමg නොහැකි වූ අසමත් රජයක් බවයි.

කොළඹ වරාය නගරය යනු මෙරටට විශාල රැකියා ප්‍රමාණයක් හිමිවිය යුතු ජාත්‍යන්තර ව්‍යාපෘතියක් වන නමුත් පසුගිය යහපාලන රජයේ අදුරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් එම රැකියා  අවස්ථා සහ රටට හිමිවිය යුතු තිබූ හෙක්ටයාර 65 කට අධික භූමි භාගයක් අහිමි වූ බව අග්‍රමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

එම ගිවිසුම් නැවත සලකා බැලීම සඳහා ඉදිරියේ දී පිහිටුවන පොදුජන පෙරමුණු රජයකදී කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

හම්බන්තොට වරාය ඉදිකරනු ලැබූයේ ඒ ආශ්‍රිතව  මහා පරිමාණ කර්මාන්තශාලා පුරයක් ඉදි කිරීමේ අරමුණිනි. ඊට අමතරව දිවයින පුරා සියලු  දිස්ත්‍රික්ක වල කර්මාන්ත ශාලා ඇති කිරීමට හැකි වන පරිදි හම්බන්තොට වරාය කර්මාන්ත මූලික කර ගත් වරායක් බවට පත් කිරීමේ අපේක්ෂාවක් පැවතිණි.

නමුත් පසුගිය යහපාලන රජය සමයේ එකදු කර්මාන්ත ශාලාවක් හෝ රටට ගෙන ඒමට ඔවුන් අසමත් වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ  ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ජනාධිපතිවරයාගේ කැපවීම මත මහා පරිමාණ ටයර් කර්මාන්ත ශාලාවක් සහ ඖෂධ කර්මාන්ත ශාලාවක්  හම්බන්තොට වරාය ආශ්‍රිතව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්