නවතම පුවත්

හම්බන්තොට වරාය කලාපයේ වේගයෙන්ම වර්ධනය වන වරායක් වෙයි

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

2023 වසරේ RO-RO ඒකක 700,000 ක් හසුරුවමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), කලාපයේ වේගයෙන්ම වර්ධනය වන වරාය බවට පත් වී ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංඛ්‍යා දත්ත වලට අනුව මෙය 2022 දී වාර්තා කළ ප්‍රතිඵලයන්ට වඩා 26% ක වර්ධනයකි. පසුගිය දෙසැම්බර් මාසයේ ග්ලෝවිස් නැව් සමාගමට අයත් HAE SHIN V.003B නෞකාව මගින් RO-RO ඒකක 3626ක් දකුණු කොරියාවේ උල්සාන් වරායට ප්‍රතිනැව්ගත කිරීම තුළින් මෙම සන්ධිස්ථානය කරා ලගා වීමට වරායට හැකි වී තිබේ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසන්නේ වසරක් පාසා ඉහළ යන RORO පරිමාවන් හැසිරවීමට වරාය සූදානම්ව සිටින බවයි.

“ වරායේ පුළුල් වන ධාරිතාව සහ උපායමාර්ගික පිහිටීම නිසා පමණක් නොව, ගුණාත්මක සේවාවන් සහ පාරිභෝගිකයන් සඳහා ප්‍රමාද වලින් තොර කාලීනව නැංගුරම් ලෑමේ පහසුකම් ලබා දීමට ඇති හැකියාව හේතුවෙනි. විශ්වාසනීය සේවාවන් සහ ප්‍රධාන ගමනාන්ත වෙත සම්බන්ධ වීමේ පහසුවත් සමග තරඟකාරී මිල ගණන් නිසාම හම්බන්තොට ජාත්‍යන්තර වරාය අතිශයින් ආකර්ශනීය සහ ඉතාමත් යෝග්‍ය ස්ථානයක් ලෙස නම් දරා ඇතැයි යැයිද ලාන්ස් සූඕ මහතා සඳහන් කරයි.

2023 වසරේ වරාය විසින් හැසිර වූ ඒකක 700,000, කලාපයේ අනෙකුත් RORO තරඟකරුවන් හා සසඳන විට ඉහළින්ම සිටින බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි.

“මෙය වසර 6ක් වැනි සුළු කාලයක් තුළ මෙභෙයුම් සිදු කරන වරායක් ලෙස අප ලබාගත් ප්‍රශංසනීය ජයග්‍රහණයක්. එපමණක් නොව අප මේ කරා පැමිණියේ, රට අගුලු දැමීම සහ බරපතල ආර්ථික පසුබෑම් වැනි ඉතා දුෂ්කර තත්වයන් මධ්‍යයේ. අපගේ RORO මෙහෙයුම් කණ්ඩායම්හි විශිෂ්ට සේවාවන් පැසසුමට ලක් කරන අතරම, අපගේ අලෙවිකරණ කණ්ඩායම වරාය ප්‍රවර්ධනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව කිව යුතුමයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය HIPG විසින් පවරා ගත් මුල් කාලයේදීම එය RORO භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීම සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට වරාය කළමනාකරණ කණ්ඩායම සහතික වුනා. අපගේ සෑම උපායමාර්ගික තීරණයක්ම ගෙන ඇත්තේ එම අරමුණ කරා ලඟා වීමටයි. ඒ අනුව නැව් සමාගම් සමඟ ගිවිසුම්වලට වරාය එළැඹුණේ ඔවුන්ගේ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු ගුණාත්මකව, විශ්වසනීයත්වයෙන් සහ කාර්යක්ෂමව හසුරුවන බවට සහතික වීමෙන්.’’යැයිද ඔහු සඳහන් කරයි.

නව RORO පාරිභෝගිකයින්ද තම ප්‍රතිනැව්ගත කිරීමේ පරිමාවන් වර්ධනය කිරීම සඳහා වරාය වෙත පැමිණි අතර, දේශීය ආනයන භාණ්ඩ හැසිරවීමට වැඩි අවධානයක් යොමු කළ ජපන් සමාගම්ද ඒ අතර වන බව තිස්ස වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

“වරාය වෙත එන පරිමාවන් ඉහළ නැංවීමේ අදහසින් අපගේ වාණිජ කණ්ඩායම ජපානයේ සහ අනෙකුත් රටවල නැව් සමාගම් සමඟ වරාය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළා. ලොවපුරා RORO ප්‍රතිනැව්ගත කිරීමට ඇති නැඹුරුතාවන් මෙන්ම එහි වර්ධනය අධ්‍යයනය කිරීම සඳහා අප ව්ශේෂ කණ්ඩායමක් පත් කළා. නව උපකරණ, නව තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා අත්‍යවශ්‍ය ආයෝජන සිදු කිරීමට එය බොහෝ සේ උපකාරී වුනා. රතු මුහුද තුල දුෂ්කරතා වැනි තත්වයන් මතු වූ විට ඒවා මඟහරවා ගැනීමට අවශ්‍ය විකල්ප සහ පහසුකම් කාලීනව පාරිභෝගිකයින්ට ඉදිරිපත් කිරීම අප ගත් තවත් වැදගත් ප්‍රවේශයක්. එමගින් ජයග්‍රාහී හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට අපට හැකි වුනා” යැයිද පවසන තිස්ස වික්‍රමසිංහ මහතා, හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලද මෙම කැපී පෙනෙන ජයග්‍රහණය, තම කණ්ඩායමේ සාමූහික උත්සාහයක් මෙන්ම පාරිභෝගිකයන්ගේ සහාය නිසාවෙන් ලබාගත් බවද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්