නවතම පුවත්

ජන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩී.ඩී.ජී.අනෝජා සෙනෙවිරත්න මහත්මිය පත්කර තිබේ.

ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියකි.

ඇය 1990 වර්ෂයේ සිට දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරමින් මේ දක්වා වසර 33ක කාලයක් දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල මෙන්ම විවිධ අමාත්‍යාංශ වලට අයත් සංඛ්‍යාලේඛන අංශවල සේවය කර ඇත.

2017 වර්ෂයේ සිට ජන සංගණන හා ප්‍රජා විද්‍යා අංශයේ සහ සිතියම් විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ධූර දරමින් කටයුතු කළ එතුමිය 2019 වර්ෂයේ සිට මේ දක්වා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1 තනතුරේ සේවය කරමින් වර්තමාන ජන හා නිවාස සංගණනය මෙහෙයවීමේ කටයුතු මෙන්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශ ගණනාවක අධීක්ෂණය භාරව කටයුතු කෙරිනි.

ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික සංඛ්‍යානය පිළිබද පශ්චාත් උපාධිය එම විශ්ව විද්‍යාලයේම පරිගණක තාක්ෂණය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ආර්ථික සංවර්ධනය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ,කොළඹ විශ්ව විද්‍යාලයේ ම ජනගහන අධ්‍යයනය පිළබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරිනියකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්