ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (17) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
රජයේ දේපළ අවබාවිත කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.
පසුගිය රජය සමයේ මහරූෆ් මහතා වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරග වැදුණු ඔහු පරාජය පත් විය.