නවතම පුවත්

“හිතේ හැංගී හැංගි” පැමිණෙන සිංහල සුභාවිත ගීතයේ අනාගත මං සළකුණු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කිසිදු භාව සංඥාණයකට ගෝචර වන කලාවක්, සාහිත්‍යයක් හෝ කලාවක් පිළිබදව වූ කතිකාවක් සිදු නොවන මෙවන් විපරීත සමයක් තුල හිතට දැනෙන ගීතයක් ඇසෙනවා යනු වියළී ඉරිතලා ගිය නියං බිමක් මතට අවාරයට ඇද වැටෙනා දිය බිදුවක් සේය.

“හිතේ හැංගී හැංගි ඔබ තවම ඉන්නවා

නෙතේ කදුළැලි තියන් හිත හුස්ම වැටෙනවා

සිතේ රිදමය මගේ ඔබෙ රුවම සොයනවා

ආදරේ ගුලි කරන් මම තව්ම ඉන්නවා”

පසුගියදා පැවති අතිශය උණුසුම් දේශපාලන වපසරියක් තුල වුවද අහම්බයෙන් මෙන් අන්තර්ජාලයෙන් මතුවූ වික්ටර් රත්නායක ශූරීන් විසින් ගයන ලද මෙම ගීතය මා දෙසවන් වැකුනු සැණින් දහසක් වූ රාජකාරි පසෙකලා මෙම ගීතයවෙත අවධානය යොමු කිරීමට සිත් වූ කාරණා නම් එහි වූ වික්ටර් රත්නායක ශූරීන්ගේ පෞර්ෂමත් හඩත්, එහි සංගීතයත් හා අපූර්වත්වයෙන් ගොතා ඇති පද වැලත්ය.

වික්ටර් ශූරීන්ගේ එකී හඩ පෞර්ෂය පිළිබදව අටුවා ටීකා ටිප්පනි තවදුරටත් අවැසි නොවන්නේ එතුමන්ගේ එකී ඉමක් නොමැති භාවාතිශය මධුර හඩ පිළිබද වූ හැඩය ලාංකීය ශ්‍රාවකයා විසින් හැත්තෑව දශකයේ පටන් සිය රුධිරය තුලටම කා වදදාගෙන ඇති බැවිනි. නමුත් මෙම ගීතයේ පද වැල වෙත මාගේ විශේෂ අවධානයක් යොමුවන්නේ එහි ගැබ් වන්නාවූ ඉතාමත් ගැඹුරු අරුත ශ්‍රාවකයා ඇද බැද තබාගන්නා සුලු සරල හැඩයකින් ඉදිරිපත් කිරීමෙහිලා රචකයා දක්වා ඇති ශූරත්වය හේතුවෙනි. මෙහි ගී පද රචකයා නීතීඥ තරින්ද ගුණවර්ධනය. ලාංකීය සුභාවිත ගීත ක්ෂේත්‍රය තුල තරින්දගේ නාමය මින් පෙර අප අසා නොතිබුනද ඔහුගේ රචනය තුලින් ආධුනික ගී පද රචකයකුගේ ලක්ෂණ කිසිවක් ඉස්මතු නොවීම වැදගත් කොට සැලකිය යුතුය. ගීතයේ පද වැල එතරම්ම පරිනතය, මුහුකුරා ගොස්ය. නමුත් ගීතය ශ්‍රවනය කරන ඕනෑම තරාතිරමක අයෙකුහට බාධාවකින් තොරව ගීතයේ අර්ථය ක්ෂණයකින් ග්‍රහනය කර ගැනීමට හැකිතරම් ගී පද සරලය. එකී ලක්ෂණය ගී පද රචකයා තුලින් පිළිබිඹු වන්නාවූ සුවිශේෂී ප්‍රතිභාවකි. ප්‍රේමයේ රස දන්නේ ප්‍රේමය තුල විරාජමාන වූවෙකු පමණි. අතීතකාලික ප්‍රේමයේ ශේෂ වර්තමාන කුඨුම්භය තුලට බලහත්කාරයෙන් මෙන් කඩාවදින විට එකී අවස්ථාව උච්චත්වයේදී සිය වත්මන් කුඨුම්භය තුල තමන්ව සාත්තුකරන හෝ නඩත්තු කරන උත්තරීතර ආදරයත් සමග මොහොතකට හෝ මුහු කිරීමට ප්‍රේමවන්තයා තුල ඇත්තේ බලවත් අකමැත්තකි, එය කොටින්ම චිත්ත සන්තානයේ පැනනග්නා නොනිමි අරගලයකි. එකී අරගලය තරින්ද විසින් ශ්‍රාවකයා වෙත නිර්මාණය කරනුයේ භාවාතිශය අපූර්වත්වයකිනි.

මෙම ගීතයේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ සමස්ත ගීතයේ හැඩය අකලට අපෙන් උදුරාගත් ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ මහා ගීත සාහිත්‍යධරයාගේ ගී සමුච්චයේ හැඩයට බෙහෙවින් සමානකම් දැක්වීමයි. කොටින්ම තරින්දගේ “හිතේ හැංගී හැංගි” ගීතය මුල් වර ශ්‍රවනය කරනවිට එක්වර මා මතකයට නැංවූයේ ප්‍රේමකීර්ති රචනාකොට විකටර් රත්නායක ශූරීන් ගැයූ “ඔබෙ දෙතොල් පෙති ලිහී” ගීතයයි. තරින්දගේ ගීතය සතු වෙනස්ම හැඩයකි, පැහැයකි, නමුත් ඔහුගේ රචනාව පුරාවට ප්‍රේමකීර්ති එකල වික්ටර් රත්නායක ශුරින්වෙත රචනා කළ සමස්ත ගීත සාහිත්‍යයේ යම් හැඩතලයන් පිළිබිඹු කරවයි. එය මා විශ්වාස කරන පරිදි ලාංකීය ගීත සාහිත්‍යය ලද වාසනාවකි.

මෙම ගීතයේ සංගීත සංයෝජනය සමස්ත නිර්මාණය වෙත සපයන්නේ බලවත් ශක්තියකි. නැගී එන තරුණ සංගීතවේදියෙකු වන දර්ශන වික්‍රමතුංග සිය සංගීතමය ප්‍රතිභාවන්ද මෙම නිර්මාණය තුලින් ජනිත කරවයි. මෙම නිර්මාණ කාර්යයෙහිලා දර්ශනගේ දායකත්වයද මෙහිදී පැසැසුම් ලැබිය යුතුමය.

ලාංකීය සුභාවිත ගීතයේ සරුපස මෑතක පටන් රැල්ලක් මෙන් මතු වූ සංගීත විළාප හා අදෝනා, හේතුවෙන් ක්‍රමයෙන් මුඩු බිමක් බවට පත්වෙමින් තිබෙන අවාසනාවන්ත යුගයක “හිතේ හැංගී හැංගී” ගීතයේ මතුවීම ලාංකීය සුභාවිත ගීත කලාවේ ඉදිරි ගමන සදහා ශක්තිමත් පාදමක් සපයන්නේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. මෙවන් නිර්මාණ ඉදහිට හෝ අසන්නට දකින්නට ලැබීමෙන් සිංහල සුභාවිත සංගීතයට ආදරය කරන සුවහසක් ශ්‍රාවකයන් අපමන අපේක්ෂා දල්වා ගන්නේ, කලකට ඉහතදී වළලාදමන ලද “ප්‍රේම්-වික්ටර්” සුසංයෝගය තරින්ද වැන්නවුන්ගේ නිර්මාණ කාර්යයන් තුලින් වෙන්ත් හැඩයකින් ඉදිරියට ගමන් කරනු ඇතැයි සිතන විටය.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්