හිරුණිකා අගමැති නිවස ඉදිරිපිට දී රනිල්ගේ වාසගම වෙනස් කරයි

Picture of අසංක

අසංක

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවත් කාන්තා සංවිධානවල පිරිසක් සමගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අසළට ගොස් විරෝධතාවයක නිරත වේ.

ලිපියක් බාරදීමට පැමිණි බව කියමින් ඔවවුහු විරෝධතාවේ නිරත වෙති.

අදින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය යුත්තේ රනිල් රාජපක්ෂ යනුවෙන් බවත් ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු ඉවත්වන තුරු දිගින් දිගටම අරගල කරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ලංකා බැංකු මාවත, කොළඹ රාජකීය විදුහල ඉදිරිපිට මාවත වසා දමා තිබේ.