නවතම පුවත්

හූති කැරළිකරුවන්ගේ ප්‍රහාර නිසා කොළඹ වරායේ තදබදයක්

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම )

හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස බොහෝ නෞකා යොදා ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකරණ අධ්‍යක්ෂ මෙහෙයුම් ලාල් වීරසිංහ පවසයි.


ඒ හේතුවෙන් කොළඹ වරායේ වෙනදාට වඩා දැඩි තදබදයක් නිර්මාණයවී ඇති බව ඔහු කියාසිටී.


රතු මුහුදේ මතුව ඇති අර්බුදය හේතුවෙන් වෙනදා සූවස් ඇළ හරහා පැමිණෙන නෞකා මේ වන විට පැමිණෙමින් සිටින්නේ දකුණු අප්‍රිකානු මහද්වීපය හරහායි.


එබැවින් කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් වරායට සංක්‍රමණය වන නෞකාවලට මැදපෙරදිගට, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකියි.


දකුණු අප්‍රිකාව පසුකර යන නෞකාවලට හමුවන පළමු වරාය වන්නේ කොළඹ වරායයි.


ඒ අනුව මැදපෙරදිග කලාපයට හා ඉන්දියාවට යන නෞකා බහුතරයක් දැන් කොළඹ වරායට පැමිණෙමින් තිබේ.


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකරණ අධ්‍යක්ෂ මෙහෙයුම් ලාල් වීරසිංහ සඳහන් කළේ ප්‍රති අපනයනය මේ වන විට වැඩිවී ඇති බවයි.

එබැවින් රටට ඩොලර් වැඩි වශයෙන් ලැබෙමින් ඇති බව ද ඔහු පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්