නවතම පුවත්

හෙට අය-වැයෙන් වැටුප් වැඩිවෙයි?

අසංක

අසංක

දෙදහස් දහනවය වර්ෂය සදහා හෙට (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය- වැය යෝජනාවෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අමතරව සියලුම ජනතාවට සහන රැසක් යෝජනා කෙරෙන බව හෙතම සදහන් කළේය.

2019 වසර සදහා අයැවැය යෝජනාව ඉදිරිපත්කිරීමට නියමිතව තිබුණේ පසුගිය නොවැම්බර් මාසයේදීය.

දේශපාලනික අරගලය උත්සන්නවීම හේතුවෙන් අය වැය ඉදිරිපත් කිරීම මාස 4කින් ප්‍රමාද විය. මේ වසරේ අය වැය හිගය රුපියල් බිලියන 644කි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි සිය නිවසේදී අය වැය 2019 ඊයේ සවස සකස් කොට අවසන් කර තිබේ.

ඊට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාද එක්ව සිටියේය. 2019 දේශපාලනික වශයෙන්ද තීරනාත්මක මැතිවරණ වර්ෂයක් වීම හේතුවෙන් මෙවර මුදල් අමාත්යත මංගල සමරවීර මහතා ඉදිරිපත් කරන අය-වැය ද තීරණාත්මකය.

ඒ නිසා ආණ්ඩුපක්ෂයේ මැති ඇමැතිවරුන් මෙවර අය වැයෙන් ජනතාවට සහන රැසක් දිය යුතු බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට යෝජනා කර කර තිබේ.

අය වැයෙන් බලාපොරොත්තුවු තරම් සහන නොලැබේ නම් එය ඡන්ද කට උඩ තබා මිනිස්සු රැවැට්වීමේ උපක්රයමයකින් සන්නද්ධවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට දැනටමත් චෝදනා කරයි.

රමේෂ් වරල්ලෙගම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්