නවතම පුවත්

මෙරට සිසුන්ටත් ඕස්ට්‍රේලියාවෙන් සම්පූර්ණ ශිෂ්‍යත්ව

අසංක

අසංක

සංවර්ධනය වෙමින් පවතින මිතුරු රටවලට Australia Awards Scholarship (සම්පූර්ණ ශිෂ්‍යත්ව අරමුදල) ප්‍රදානය කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියාව මෙම තීරණයට එළැඹ ඇත්තේ සිය සංවර්ධන අවශ්‍යතා ඉලක්ක කරගනිමිනි.

මේ අනුව ඕස්ට්‍රේලියාව සමග ද්වීපාර්ශ්වීය හෝ කලාපයීය වශයෙන් ගිවිසුම්වලට එළැඹ සිටින, සංවර්ධනය වෙමින් පවතින රටවලට Australia Awards ශිෂ්‍යත්වය ලැබීමේ අවස්ථාව හිමිවේ.

ඕස්ට්‍රේලියාවේ විදේශ සබදතා සහ වෙළෙද කටයුතු දෙපාර්ත්මේන්තුව විසින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මෙහෙයවනු ලබයි.

ඉන්දු-පැසිෆික් කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල සිසුන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ගණනාවක සහ කාර්මික හා වැඩිදුර අධ්‍යාපන ආයතන වෙත පූර්ණ කාලීන උපාධි පාඨමාලා හෝ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සදහා මෙහිදී මෙම ශිෂ්‍යත්ව අරමුදල් හිමිවනු ඇත.

මෙහිදී ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන මගින් අධ්‍යාපන ලබා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපන සුදුසුකම් සපුරාලීමට එරට රජය කටයුතු සලසා දී තිබේ.

ඕස්ට්‍රේලියානු පූර්ණ ශිෂ්‍යත්ව අරමුදල මෙම අධ්‍යාපන සහ සමීක්ෂණ අවස්ථා සලසා දීම මගින් ඉලක්ක කරනු ලබන්නේ හැකියා සහ දැනුම උපයෝගී කරගෙන තම තමන්ගේ රටවල සංවර්ධනය සදහා අනාගතයේදී නායකයන් ලෙස දායකත්වය ලබාදෙනු ඇත යන්න ය.

මෙම පූර්ණ ශිෂ්‍යත්ව අරමුදල මගින් තම අධ්‍යාපන කටයුත්ත අවසන් වනතෙක් සියලු වියදම් දැරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරයි.

එපමණක් නොව, ඕස්ට්‍රේලියාව සහ ඕස්ට්‍රේලියානු ගෝලීය තරුණ ජාලයට එම සිසුන් සම්බන්ධ කරමින් ඔවුන්ගේ නායකත්වය හා දැනුම වැඩිදියුණු කිරීමේ මං සැලසීම ද මෙමගින් ලැබෙන තවත් අගනා ප්‍රතිලාභයකි.

සුදුස්සන් තෝරාගැනීමේදී ශිෂ්‍යත්වය සදහා සුදුසුකම් පමණක් සලකාබැලෙන අතර එහිදී වර්ගය, ආබාධිත බව හෝ ලිංග භේදය යන කිසිවක් සළකනු නොලබන බව ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කර සිටියි.

මෙම ශිෂ්‍යත්වය යටතේ සිසුන්ගේ අධ්‍යාපනය හා පුහුණුවීම් සියල්ලක්ම ඉතා ඉක්මණින් නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමට ද ඔවුන් අවධානය යොමුකරනු ලබයි.

මෙම ශිෂ්‍යත්ව අරමුදල සදහා සුදුසුකම් ලැබූ සියලුම සිසුන් ශිෂ්‍යත්ව කොන්දේසි සැපිරීමට එකගවෙමින් ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලයේ ගිවිසුමට අත්සන් තැබිය යුතුය.

සාර්ථක ලෙස අවසන් කරන ශිෂ්‍යත්වධාරීන් වසර 2කට පසු යළි සිය රටට යාමට එකග විය යුතුවේ.

ගිවිසුමේ කොන්දේසි උල්ලංගනය කරන සිසුන්ට ශිෂ්‍යත්ව ඉපැයීම් ණය යටතට ගැනෙන අතර එහිදී ශිෂ්‍යත්වයෙන් ලබාදෙන මුළු වියදම යළි ගෙවීමට ඔවුන්ට සිදුවේ.

ඕස්ට්‍රේලියානු පූර්ණ ශිෂ්‍යත්ව හිමිකම ඇති සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වන්නේ බංග්ලාදේශය, භූතානය, කාම්බෝජියාව, ඉන්දුනීසියාව, ලාඕසය, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, ශ්‍රී ලංකාව, වියට්නාමය යන රටවල්ය.

එමෙන්ම පැසිෆික් රාජ්‍යයන් වන මයික්‍රොනේෂියාව, ෆීජි, කිරිබාටි, මාෂල් දූපත්, නාඋරු, පැපුවා නිව්ගිනියා, පලාඋ, සැමෝවා, සොලමොන් දූපත්, ටොංගා, ටුවාලු, වනාටු, වැලීස් සහ ෆුටුනා යන රාජ්‍යයන් ද මෙම ශිෂ්‍යත්වයට හිමිකම් ලබයි.

එමෙන්ම බොට්ස්වානා, ඝානා, කෙන්යා, මැඩගස්කරය, මලාවි, මොරිෂස්, මොසැම්බික්, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, සැම්බියාව යන අප්‍රිකානු රටවලට හා පලස්තීනයට ද මෙම අවස්ථාව ලබාදී තිබේ.

Australia Awards ශිෂ්‍යත්ව අරමුදල මීට පෙර හදුන්වන ලද්දේ ‘ඕස්ට්‍රේලියානු සංවර්ධන ශිෂ්‍යත්ව’ අරමුදල ලෙසයි.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මූලාශ්‍ර – ස්කොලර්ෂිප් ඇන්ඩ් ජොබ්ස් ඇසුරිනි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්