හෙට දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල වෙළදසැල් විවෘත කරන්න – යුධ හමුදාපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇඳිරි නීතිය ඉවත් කරන හෙට(30) දිනයේ ඒ ඒ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘත කර තබන මෙන්  යුධ හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා වි​ශේෂ ඉල්ලීමක් කරයි.

එසේ සිදු කරමින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසත් වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙයි.

මහජනතාව‍ වෙළඳ සැලට ඇතුළු වීමේ දී අද‍ාල දුරස්ථභාවය රඳවා ගනිමින් අනිවාර්යෙන්ම කටයුතු කරන මෙන් හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි .