හෙට නිවාඩුව පෞද්ගලික අංශයටත් දෙන්න – රජය

Picture of අසංක

අසංක

නව කොරොනා හෙවත් කොවිඩ් 119 වෛරසය රට පුරා පැතිර යාම වැලැක්වීමේ පියවරක් ලෙස හෙට (16)  දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් පෞද්ගලික අංශයට ද එම පියවර ගන්නැයි රජය ඉල්ලීමක් කර තිබේ.

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෞද්ගලික ආයතන ප්‍රධානින්ගෙන් මෙම ඉල්ලීම කරයි.

මේ පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.