නවතම පුවත්

හේමාස් හෝල්ඩින්ග්ස් නිරෝධායනයට මීගමුව කලබ් හොටෙල් ඩොල්පින් දෙයි

අසංක

අසංක

කොවිඩ් 19 (COVID-19) නොහොත් කොරෝනා පැතිරීම අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙස හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් අවශ්‍යතාවක් ඇතිවුවහොත් සිය මීගමුවේ පිහිටි සිය ක්ලබ් හෝටල් ඩොල්ෆින් හෝටලය (Club Hotel Dolphin) නිරෝධායන කටයුතු සදහා යොදා ගන්නැයි රජයෙන් ඉල්ලා ඇත.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් COVID-19 පැතිරයාම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට (NOCPCO) අදාල සමාගම විසින් මෙම යෝජනාව දැනුම් දී තිබේ.
ක්ලබ් හෝටල් ඩොල්ෆින් තරු 4 හෝටලයකි.

කාමර 154 කින් සමන්විත මෙම හෝටලය හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී සමාගම විසින් මෙහෙයවයි.


මෙය තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හෝටලයක් ලබා දෙන දෙවන අවස්ථාවයි.

මෙයට පෙරසිට්‍රස් වස්කඩුව හෝටලය නිරෝධායන කටයුතු වෙනුවෙන් ප්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) කියා සිටියේ සති දෙකක නිරෝධායනයකට ලක්ව සිටින අයට මෙන්ම රැකියාවෙන් පසු නිවසට යාමට නොහැකි වෛද්‍ය කාර්ය මණ්ඩලයට නිවාස පහසුකම් සැලසීමට එහි සාමාජිකයින් එකඟ වී ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්