හෝහපුටුවා සහ වැලිමැස්සාගෙන් පැතිරෙන අලුත් රෝගයක්

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල හෝහපුටුවන් හෝ වැලි මැස්සන් දෂ්ට කිරීම නිසා රෝගී වු පුද්ගලයන් රැසක් හදුනාගෙන තිබේ.

මෙසේ හමුවන රෝගීන්ගෙන් බහුතරයට සමේ ආසාධන ඇතිව තිබෙන බවත් ඇතැම් පුද්ගලයන් ඒම රෝගී තත්ත්වයන් සම්පුර්ණෙයෙන්ම මුදා ගැනීමට මාස හයක් හෝ ඊට වැඩි කාලායක් ප්‍රතිකාර කිරීමට සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරිනියක ද කළම්බො එක්ස්ප්‍රස් වෙත පැවැසුවාය.

දේශගුණික විපර්යාස එළිපිට නොපෙනුනද මෙම රෝගී තත්ත්වය වැඩි වශයෙන් දක්නට තිබු වියළි කලාපයෙන් එය පසුගිය කාලයේ තෙත් කලාපය දක්වා මාරු වී ඇතැයිද ඇය සදහන් කළාය.

නුවරඑළිය, ගම්පහ, මාතලේ දිස්ත්‍රික්කවලින්ද මෙම රෝගීන් දැනට හමුවී ඇති නිසා හෝහපුටුවා හෝ වැලිමැස්සා ලෙස හදුන්වන සතුන්ගේ දෂ්ට කිරීම්වලින් රාත්‍රි කාලයේ බේරී සිටින්නැයි මහජනතාව දැනුවත් කෙරේ.