ළදරු හා ළමා සායන පැවැත්වීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

Picture of අසංක

අසංක

 

ළදරු හා ළමා සායන පැවැත්වීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට කටයුතු කළ
බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

රෝහල්වල ළමා හා ළදරු සායන ආදී රෝහල් සායන නවතා ඇති නමුත් ඉදිරියේ දී විවිධ ප්‍රදේශවල ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව රෝහල් සායන සඳහා තවදුරටත් සීමා සහිතව පැවැත්වෙන බව ද හෙතෙම කියාසිටියි.

ඒ අනුව, එකී සායනවලට පැමිණීමේ දී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම සඳහා වැඩි සායන වාර ගණනක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

සාමාන්‍යයෙන් සායන පවත්වන ස්ථානවලට අමතරව ජනතාවට සමීප ස්ථානවල සායන පවත්වා ජනතාව ගැවසීම අවම කරන ආකාරයෙන් කටයුතු කරන ලෙසත්, සායනවලට පැමිණීමේ දී දරුවා සමඟ මව පමණක් පැමිණෙන ලෙසත් මෙහි දී අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දී සිටී.