නවතම පුවත්

ළමා අපචාර විභාග කරන්න වෙනම අධිකරණයක්

අසංක

අසංක

ළමා අපචාර සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට මෙන්ම ඊට අදාලව නව නීති ගෙන ඒමටද අවධානය යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කර සිටී.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ‘ළමා අපයෝජනවලට එරෙහි වෙමු’ යන තේමාව යටතේ පසුගියදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවති විශේෂ වැඩසටහනට එක්වෙමිනි.

“අර්බන් සිටිසන්ස්” (‘Urban Citizens’) හා “කාන්තා සවිය ” යන සංවිධාන එකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරින.

අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අලි සබ්රි මහතා මෙසේද පැවසීය.

“සමහර කරුණු සඟවාගෙන ඉන්න බැහැ..මල් වැනි දරුවන්ට ප්‍රශ්නයක් වුණොත් එහි ප්‍රතිවිපාක ජීවිත කාලයටම බලපානවා..එවැනි දේ සම්පුර්ණයෙන් නවතා දැමිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති ගෙන්න පුළුවන්. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ඇතිව ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේ ප්‍රශ්නය ඒ තරම්ම වැදගත්

එසේම ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන විශාල සාකච්ජාවක් පවතිනවා , නමුත් මගේ අදහස ළමුන්ට මෙම අධ්‍යාපනය නොපමාව ලබාදියයුතුය යන්නයි .”

මෙහිදී ළමා අපචාර වැලැක්වීම වෙනුවෙන් පෙනීසිටින බවට වන ප්‍රතිඥාවක්ද ප්‍රකාශයට පත්කෙරුණු අතර මෙම වැඩසටහනේ නිර්මාතෘවරිය වන කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් එය ඉදිරිපත් කරන ලදී.

මෙහිදී ළමා අපචාර පිටුදැකීම සනිටුහන් කරමින් පහන් දල්වීමක්ද සිදුකෙරුණු අතර මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා , කලාපීය සබඳතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්