නවතම පුවත්

අනාගතයක දැක්ම වෙනුවෙන් වෙරළ මූර්ති තරගයක්

අසංක

අසංක

කොළඹ වරායට නගරය (Port City Colombo) සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘අනාගතයක දැක්ම’ නමින් වෙරළ මූර්ති නිර්මාණ තරගයක් ආරම්භ කර ඇත.

මෙරට නවක නිර්මාණ ශිල්පීන් ඉලක්ක කරගෙන දියත් කර ඇති මෙම වැඩසටහන මගින් සුවිශේෂී වෙරළ මූර්ති (beach Sculpture) සහ සන්නිවේදන පවුරක් (Interactive Wall) නිර්මාණය කිරීමට එම ශිල්පීන්ට අවස්ථාව හිමිව ඇත

මෙම තරගය කොළඹ වරාය නගරයේ සමාරම්භක වැඩසටහන් මාලාවේ එක් අංගයක් වන අතර, මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අංග ලෙස ලොව පුරා ජනතාවගේ ආකර්ෂණය දිනාගන්නා, ශ්‍රී ලාංකික අනන්‍යතාව කැටි කරගත් ස්මාරක එකතුවක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. මේ වනවිට කොළඹ වරාය නගරය තුළ මූලික අදියර කිහිපයක් යටතේ පොදු වෙරළ තීරයන් හා උද්‍යාන වැනි අංග ඉදිකෙරෙමින් පවතින අතර, ඊළඟ අදියර ලෙස මෙම මූර්ති එකතුව සහ සන්නිවේදන පවුර ඉදිවනු ඇත. COVID -19 වසංගත තත්ත්වය හමුවේ පැනවීමට සිදුවී ඇති සීමාවන්ට අනුගත වෙමින්, මෙම තරගාවලිය මුළුමනින්ම www.envisionthefuture.lkවෙබ් අඩවිය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නිර්මාණ සැලසුම් සම්බන්ධයෙන් මගපෙන්වීම සඳහා Academy of Design සමග එක්වෙමින් සහ කලා ක්ෂේත්‍රයේ නිල සහකරු ලෙස ARTRA සඟරාව සමග අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයට එක්වී තම හැකියාවන් උරගා බලන මෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙරට නවක නිර්මාණ ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ආරාධනා කර සිටී.

ජයග්‍රාහී සැලසුම් සඳහා රු. 700,000 කට වැඩි වටිනාකමකින් යුත් මුදල් ත්‍යාගයන් හිමිවනු ඇති අතර, එම සැලසුම් කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ තීරයේ ඉදිකෙරෙනු ඇත. එමෙන්ම අදාළ කාණ්ඩ වල ජයග්‍රහණය ලබාගන්නා පුද්ගලයන්ට හෝ කණ්ඩායම් වලට, අදාළ නිර්මාණය ඉදිකිරීම සඳහා සී. එච්. ඊ. සී. පෝර්ට් සිටි කලම්බු (පුද්.) සමාගම [CHEC Port City Colombo (Pvt) Limited] විසින් තෝරාගනු ලබන ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගම සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්