ෆයිසර් කොවිඩ් එන්නත ලබාගත් අමෙරිකානු හෙද නිලධාරියෙකුට පළමු මාත්‍රාව ගෙන දින 8කට පසුව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.
45 හැවිරිදි ඔහු කැලිෆෝර්නියා හි පදිංචි මැතිව් එම්. නමැත්තෙකි.
දෙසැම්බර් 18 වනදා ඔහු කොවිඩ් එන්නත ලබාගත් බවත් ඉන් තමාට කිසිදු ආසාත්මිකතාවයක් ඇති නොවූ බව ඔහු පවසයි.
එහෙත් දින 6කට පසුව අසනීප වී තිබේ. එහිදී ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව, මස්පිඬු වේදනාව සහ මහන්සිය දැනුණු බව හෙද නිලධාරියා පවසා ඇත.
ඉන්පසු 26 වැනිදා ඔහු කොවිඩ් පරික්ෂාවකට ලක්වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.
සැන් ඩ්යේගෝ රෝහලේ “බෝවන රෝග විශේෂඥයෙක්” ලෙස සැලකෙන ක්‍රිස්ටියන් රේමර්ස් පැවසුවේ එය සාමාන්‍ය තත්ත්වයක් බවය.
“එන්නතේ සායනික අත්හදාබැලීම්වලින් අපි තේරුම් ගත්තා එන්නතෙන් සිරුර තුළ ප්‍රතිශක්තිය ඇතිවෙන්න දින 10ක් 14ක් ගතවන බව,” රේමර්ස් පැවසීය.
“පළමු මාත්‍රාවෙන් 50%ක පමණ ආරක්ෂාවක් දෙනවා එය 95% දක්වා වර්ධනයවීමට දෙවැනි මාත්‍රාවත් අවශ්‍යයි” ඔහු පෙන්වා දෙයි.